නත්තල් සමය සඳහා ODEL ආකර්ෂණීය නව ලෝකයක් මවයි

    November, 14, 2017

    ජාත්‍යන්තර තලයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතා ජාලය වන ODEL මේ නත්තලේදී පාරිභෝගිකයින්ට ලෝකයේ ජනාදරයට පත්ව ඇති සන්නාම සමගින් ඉතාමත් පුළුල් සාප්පු සවාරි අත්දැකීමක් විනෝදාස්වාදය ද කැටිව ලබාදීමට කටයුතු යොදා තිබේ.

    ‘A whole new world’ යන තේමාවෙන් ODEL සිය නත්තල් සමය සබැදි පරිවර්තනය ඉදිරිපත් කරන අතර කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි ප‍්‍රධාන ODEL විලාසිතාගාරය උත්සව සිරියෙන් ඇලලී ගොස් තිබේ. තද රතු, රන් සහ රිදී පැහැයෙන් දිදුලන සැරසිලි වලින් ODEL ප‍්‍රධාන විලාසිතාගාරය මේ වනවිට විචිත‍්‍රවත්ව සරසා ඇත.

    නත්තලේ සිරි අසිරි මවන  ගෝලාකාර සැරසිලි වලින් ODEL පරිශ‍්‍රය අලංකාර වී ඇති අතර එම සැරසිලි ලඟදීම ඉදිරිපස මාර්ගයේ පිහිටි මාර්ග වටරවු මෙහිද දැක ගත හැකි වනු ඇත. ODEL විලාසිතාගාරය ඇතුළත සහ පිටත පිහිටි ගස්වල පවා ඉතාමත් දැකුම්කළුව නිමවා තිබෙන ගෝලීය සැරසිලි එල්ලා තිබෙන අතර මේ තුළින් කියා පාන්නේ නත්තල් සමය පැමිණ තිබෙන බවයි.

    ලෝකයේ අසමසම සන්නාම, සිත් ඇදගන්නා නැවුම් නිෂ්පාදන, කිසිවෙකුටත් සමකළ නොහැකි වට්ටම්, නත්තල් සමයට අවශ්‍ය වන භාණ්ඩ, විශේෂ බැංකු ප‍්‍රවර්ධනයන් සහ වෙනදාට වඩා සාප්පු සවාරියේ යෙදීමට කාල වේලාවක් ODEL විසින් සිය පාරිභෝගිකයින්ට උත්සව සමය වෙනුවෙන් ලබාදී ඇත. මීට අමතරව, ODEL පරිශ‍්‍රයට පසුගියදා අළුතින් එක්කළ වර්ග අඩි 10,000 ක විචිත‍්‍රවත් නව පරිශ‍්‍රය තුළදී පාරිභෝගිකයින්ට තම සිතැඟි පරිදි නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබේ.

    මෙවර නත්තල් සමය වෙනුවෙන් ODEL විසින් Dolce & Gabbana, Ellie Saab, MiuMiu, Alexander McQueen, Marchesa, Gucci, Chanel, Versace සහ Fenty X Puma යන සන්නාම වලින් ආභාෂය ලැබු නව විලාසිතා එකතුවක්ද එළිදක්වා ඇත.

    උත්සව සමයට කදිමට ගැලපෙන රතු, රිදී, රන්වන්, බේජ්, සුදු සහ නිල් වර්ණයන්ගෙන් සමන්විත වන මෙම නත්තල් විලාසිතා එකතුව නිර්මාණය කර තිබෙන්නේ දිලිසෙන සැටින්ල සේදල කේ‍්‍රප් විස්කෝස්ල වෙල්වට්ල මෙටැලික්ල ජෝජට් වැනි රෙදි සහ සිනිª රේන්ද වලිනි.

    ‘අපගේ පාරිභෝගිකයින්ට නත්තල් සමය ඇරඹෙන්නේ ODEL හීදීයි. ඔවුන් බලාපොරොත්තු වන ආශ්වාදය ලබාදීම සඳහා අපි කළ හැකි සෑම දෙයක්ම කරනවා’ යනුවෙන් ODEL විලාසිතා ජාලය අයත්වන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් PLC සමාගමේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂිකා, ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය සඳහන් කළාය.

    ‘අපගේ අලෙවිසැල්වල තිබෙන නැවුම් බවත්, අළුත් සන්නාම එකතු කිරීම්ද ඇතුළත් වූ සැමගේ සිත් ගන්නා අළුත් විලාසිතා එකතුවත් සමගින් උත්සව සමයේ හැඩවැඩ වූ අපගේ අලෙවිසැල් මගින් පවුලේ සැමට සුන්දර නත්තල් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මෙවර අපගේ තේමාව සමග යමින් පාරිභෝගිකයින්ට මේ උත්සව සමයේදී කොළඹදී නව විලාසිතා ලෝකයක් නිර්මාණය කිරීමට අප කටයුතු කර තිබෙනවා.’

    මෙම නත්තල් සමයේදී ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ප‍්‍රධාන ODEL අලෙවිසැලට පැමිණෙන පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදය සඳහා සංගීතයෙන් පිරිපුන් විවිධාංග පැවැත්වීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, මෙම අලෙවිසැලේදී දරුවන්ට දෙසැම්බර් 16 වනදා සිට 24 වනදා දක්වා නත්තල් සීයා සමග විනෝදවිය හැකි අතර ඔහු සමග සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාවද උදාකර දී තිබේ.

    සෑම වසරකදීම මෙන් මෙවරත් ODEL වෙතින් නත්තල් සමයට අවශ්‍ය සියළුම සාම්ප‍්‍රදායික භාණ්ඩ ඉදිරිපත් කර තිබේ. මේ අතර, තෑගි වවුචර, විශේෂ නත්තල් තෑගි පාර්සල්, නත්තල් රස කැවිලි සහ නත්තල් සැරසිලි ප‍්‍රමුඛ වේ. මෙම උත්සව සමයේ ODEL සාප්පු සවාරි අත්දැකීම තව තවත් ආකර්ශනීය කරමින් දෙසැම්බර් මාසයේදී HSBC සහ American Express ණයපත් හිමියන් වෙනුවෙන් විශේෂ සති අන්ත ප‍්‍රවර්ධන වැඩසටහන් දෙකක්ද පැවැත්වෙනු ඇත.

    මෙවර නත්තල් සාප්පු සමය වෙනුවෙන් ODEL ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ  ප‍්‍රධාන අලෙවි සැල දෙසැම්බර් 09 සහ 10 මෙන්ම 16 සහ 17 යන සති අන්ත වලදීත් දෙසැම්බර් 21 වනදා සිට 24 වනදා දක්වාත් රාත‍්‍රී 11.00 දක්වා විවෘතව තැබෙනු ඇත. මෙම කාලයේ අනිකුත් සතියේ දින වලදී ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ සහ තලවතුගොඩ අලෙවිසැල් රාත‍්‍රී 10.00 දක්වා විවෘතව තැබෙන අතර අනිකුත් සියළුම ODEL අලෙවිසැල්ද වැඩිපුර වේලාවක් විවෘතව තැබේ. මීට අමතරව, දෙසැම්බර් 30 වනදා සිට 31 වනදා සියළුම ODEL අලෙවිසැල් රාත‍්‍රී 11.00 දක්වා විවෘතව තැබෙනු ඇත.