නත්තල් සීයා ගෙදරටම පැමිණ භාණ්ඩ බෙදාදීමේ සේවාවක් උත්සව සමය වෙනුවෙන් ආපිකෝ අරඹයි

    December, 5, 2016

    මෙරට ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලයක් වන ආපිකෝ විසින් එළඹෙන නත්තල් සමයේදී තම අන්තර්ජාල ගනුදෙනු කරුවන් වෙත සුවිශේෂී අත්දැකීමක් ලබාදෙමින් අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ ගෙදරට ගෙනවිත් දීමේදී ‘නත්තල් සීයා’ (Santa Claus) කැටුව පැමිණීමේ නවමු වැඩසටහනක් සංවිධානය කර තිබේ.

    මේ අනුව, ආපිකෝ වෙතින් අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගැනීමේ වෙබ් අඩවිය වන ‘ඊ- සුපර් සෙන්ටර්’ වෙතින් 2016 දෙසැම්බර් 01 වනදා සිට භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ කාර්යාල හෝ නිවෙස් වෙත මනාව සැරසුණු ‘නත්තල් සීයා’ සමග භාණ්ඩ යැවීමේ සුවිශේෂ සේවාව ලබාගත හැකිවේ.

    නත්තලේ ප‍්‍රධානතම සංකේතයක් ලෙසින් සැලකෙන සුදුවන් රැවුලකින් සැරසුණු ‘නත්තල් සීයා’ සමග කොළඹ හෝ තදාසන්න ප‍්‍රදේශයක් වෙත භාණ්ඩ යැවීමට සුළු අමතර මුදලක් ආපිකෝ විසින් අයකරන අතර මේ යටතේ www.arpicosupercentre.com වෙබ් අඩවියේ තිබෙන ඕනෑම භාණ්ඩයක් යැවිය හැකිවේ.

    ‘‘සෑම වසරකදීම උත්සව සමයේදී අපගේ පාරිභෝගිකයින්ගේ සාප්පු සවාරි අත්දැකීම ඉහළ දැමීම සඳහා අපි විසින් නව ආකාරයන් විමසා බලනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් රිචඞ් පීරිස් ඩිස්ටි‍්‍රබියුටර්ස් සමාගමේ අලෙවිකරණ ප‍්‍රධානී, මිනෝද් ද සිල්වා මහතා පැවසීය. ‘‘නත්තල් සීයා නත්තලේ තිබෙන ඉතාමත් ශක්තිමත් සංකේතයක්. මේ උත්සව සමයේදී තමන්ට නත්තල් සීයා පැමිණ භාණ්ඩ ලබාදීම පිළිබඳව තරුණ සහ වැඩිහිටි කොයි කවුරුත් සතුටු වනු ඇති අතර ඔවුන් මෙම වැඩසටහන අගය කරනු ඇති.’’

    ‘‘උත්සව සමයේ ත්‍යාග පාර්සල්, සෙල්ලම් බඩු, ත්‍යාග, නත්තල් භාණ්ඩ සහ ග්‍රොසරි භාණ්ඩ තම පවුලේ අයට සහ හිත මිතුරන්ට යැවීමට මෙය ඉතාමත් හොඳ ක‍්‍රමයක් වේවි’’ යැයි ඔහු පැවසීය.

    මේ ආකාරයෙන් ‘නත්තල් සීයා’ ගොස් භාණ්ඩ බෙදාදීමේ ආපිකෝ විසින් සිදුකරන මෙම වැඩසටහන මෙරට සුපිරි වෙළඳ සැල් ජාලයක් විසින් සිදුකරන මේ ආකාරයේ පළමු වැඩසටහන ලෙසින් සැලකෙන අතර නත්තල් සමය වෙනුවෙන් ආපිකෝ සුපර් සෙන්ටර්ස්, සුපර් ස්ටෝර්ස්, ප‍්‍රදර්ශනාගාර සහ ‘ඬේලි’ සුපිරි වෙළඳ සැල් ශාඛාවල ඇතුළත සහ පිටත නත්තලේ සිරිය විදහා දැක්වෙන ලෙස සැරසිලි කිරීමට කටයුතු කර ඇත. මෙම පරිවර්තනයේදී උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය වන භාණ්ඩ ඇතුළු ආපිකෝ විසින් අලෙවි කරන භාණ්ඩ කළඹ වර්ධනය කර තිබීම කැපී පෙනෙන අතර මිලදීගන්නා භාණ්ඩ සඳහා විශේෂ දීමනාද ඉදිරිපත් කර තිබේ. මීට අමතරව, මෙම උත්සව සමය පුරාම මෙම ශාඛාවල පාරිභෝගිකයින්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් වැඩසටහන්ද මාලාවක් පැවැත්වෙනු ඇත.

    මේ වනවිටත් ආපිකෝ ශාඛා වෙත උත්සව සමය වෙනුවෙන් අවශ්‍ය වන ඉතාමත් පුළුල් නත්තල් සැරසිලි උපකරණ සහ සෙල්ලම් බඩු පෙළක් පැමිණ තිබේ. සෙල්ලම් බඩු පෙළ සඳහා දුරස්ථ පාලක මගින් ක‍්‍රියා කරන අධිවේගී මෝටර් රථ, හෙලිකොප්ටර්, ක්වොඞ් කොප්ටර්ස්, යාන්ත‍්‍රික සෙල්ලම් බඩු, වෙරළ සෙල්ලම් බඩු සහ ලී වලින් තැනූ අධ්‍යාපනික සෙල්ලම් බඩු අයත් වේ.

    මේ අනුව, මෙම උත්සව සමයේදී තම නිවසේ හෝ කාර්යාලයේ සැරසිලි කටයුතු සිදුකිරීමට අවශ්‍ය අයගේ පහසුව වෙනුවෙන් දිවයින පුරා පිහිටි ආපිකෝ සුපිරි වෙළඳසැල් වෙතින් මේ වනවිටත් අඩි 12 ක් දක්වා උස, කෘත‍්‍රිම සහ සැරසූ නත්තල් ගස් මිලදී ගැනීමේ අවස්ථාව තිබෙන අතර නත්තල් සමය වෙනුවෙන් අවශ්‍ය වන තවත් සැරසිලි භාණ්ඩ රාශියක් මෙහිදී මිලදීගත හැකිවේ.

    පාරිභෝගිකයින් වෙනුවෙන් ඉතාමත් පුළුල් නිෂ්පාදන මාලාවක් ලබාදෙන ආපිකෝ ජාලයට මේ වනවිට ආපිකෝ සුපර් සෙන්ටර්ස් සහ සුපර් ස්ටෝර්ස් ශාඛා 20 ක්, ප‍්‍රදර්ශනාගාර 18 ක් සහ ආපිකෝ ‘ඬේලි’ සුපිරි වෙළඳසැල් 24 ක් අයත් වේ. සමාගමේ ප‍්‍රමුඛතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ආපිකෝ සුපර්සෙන්ටර්ස් තුළින් වාහන නතර කිරීමේ ඉතා විශාල ඉඩකඩක්, බිල්පත් ගෙවීමේ සහ බැංකු පහසුකම් ඇතුළු ගේ දොර හා ඉලෙක්ට්‍රොනික උපකරණ, මුළුතැන් ගේ උපකරණ, ගෘහ භාණ්ඩ සහිත දැවැන්ත නිෂ්පාදන මාලාවක් එකම වහළක් යටින් ලබාදෙන්නේ ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පහසු සාප්පු සවාරි අත්දැකීම ලබාදෙන පොරොන්දුවද සමගිනි.

    තම පාරිභෝගිකයින් වෙත ලබාදෙන සේවාව තවදුරටත් ඉහළ දමමින් මේ වසරේ මුලදී ආපිකෝ විසින් තම පාරිභෝගිකයින් නිවෙස් වෙත ප‍්‍රවාහනය කිරීමේ ටැක්සි සේවාවක්ද ආරම්භ කළ අතර මෙරට සුපිරි වෙළඳ සැල් ජාලයක් විසින් මේ ආකාරයේ සේවාවක් ආරම්භ කර තිබෙන්නේ පළමු වරටයි.