නවතම AI Beauty 2.0 තාක්ෂණය සමගින් OPPO F7 දුරකථනය හඳුන්වා දෙයි

    May, 4, 2018

    6.23-inch Super Full Screen, 2.0 Full Screen Multitasking සමග ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට Hand Gesture Operations සහිතයි

    නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමගින් OPPO F7 දුරකථනය දියත් කිරීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. Super Full Screen සහ වැඩිදියුණු කළ multi-tasking මෘදුකාංග සමග පැමිණෙන එය 64GB සහ 4GB RAM එකක් සහිත වන අතර රු. 54,990 කට මිලදීගත හැකි වේ. 2018 අප්‍රේල් 25 වනදා සිට එය දිවයින පුරා අලෙවිසැල් වෙතින් Solar Red, Moonlight Silver සහ Diamond Black යන වර්ණ වලින් මිලදීගත හැකි වේ. මීට අමතරව F7 128GB සහ 6GB මාදිලියක් Solar Red and Diamond Black වර්ණ වලින් රු. 69,990 කට හඳුන්වා දීමට OPPO දැනටමත් සැලසුම් කර තිබේ. තවද ඉදිරියේදී OPPO සමාගම යුරෝපයේ වෙළඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති බවද F7 දුරකථනය දියත් කිරීමේ අවස්ථාවේදී අනාවරණය කරන ලදි.

    "OPPO F7 දුරකථනයේ Artificial Intelligence තාක්ෂණය තවදුරටත් දියුණු කර ඇති අතර එය අතිනවීන විශේෂාංග රැසකින්ද සමන්විතයි. High Dynamic Range (HDR) සහිත 25MP කැමරාව වැනි විශේෂාංග නිසා මෙය තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වනු ඇතැයි කියා අප සිතනවා." OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

    25MP X Real-Time Sensor HDR

    OPPO F7 දුරකථනයේ high-resolution 25MP ඉදිරිපස කැමරාවක් සමග real-time High Dynamic Range (HDR) sensor එකක් ඇතුළත් වේ. එම නිසා එම දුරකථනයෙන් ලබාගත් ඡායාරූප ලොව දියුණු කැමරා වලින් ලබාගත් ඡායාරූප වල තත්ත්වයට ආසන්න මට්ටමේ පවතී. එම නිසා ආලෝක තත්ත්වය කුමක් වුවද විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාගැනීමේ හැකියාව ලැබේ. තවද HDR images තාක්ෂණය සහ AI Beauty 2.0 තාක්ෂණය එක්වී ඡායාරූප තවදුරටත් අලංකාර කරයි.

    AI Beauty 2.0 Technology - Your Beauty Expert

    සෙල්ෆි ඡායාරූප වඩාත් අලංකාර කිරීම OPPO විසින් පළමු වරට F5 දුරකථන සඳහා AI Beauty තාක්ෂණය හඳුන්වා දෙන ලදී. මෙය තවදුරටත් වැඩිදියුණු කරමින් AI Beauty 2.0 හඳුන්වා දී ඇත. මෙහිදී මුහුණු වල ලක්ෂණ හඳුනාගැනීමේ හැකියාව සහ ස්ත්‍රීපුරුෂභාවය අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාව වැඩිදියුණු වී ඇති අතර භාවිතා කරන පුද්ගලයාගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඒවා මතක තබාගෙන ක්‍රියාත්මක වීමේ හැකියාවද එය සතු ය.

    AI Beauty 2.0 තාක්ෂණයේ මුහුණේ ස්ථාන 296 ක් හඳුනාගෙන ඒ අනුව ඡායාරූප වැඩිදියුණු කරන අතර මෙය පෙර මාදිලියට වඩා 20% ක දියුණුවකි. ඒ අනුව දැන් පුද්ගලයන් 4 දෙනෙකු දක්වා, වයස, ස්ත්‍රීපුරුෂභාවය, සමේ වර්ණය සහ සමේ වර්ගය හඳුනාගෙන ඒ අනුව ඡායාරූප වැඩිදියුණු කිරීමට මීට හැකියාව ඇත.

    සාමාන්‍යයෙන් ඡායාරූපයක වැඩියෙන්ම සිදුකරන edit කිරීම් හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක වීමේ හැකියාව පැවතීම මෙහි විශේෂත්වයකි. එම නිසා කෙනෙකුට තමන් වඩාත්ම කැමති ආකාරයට සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාව හිමි වේ.

    F7 දුරකථන වඩාත් ආකර්ෂණීය හා විනෝදාත්මක බවට පත්කිරීම සඳහා නව විශේෂාංග රාශියක් ඊට ඇතුළත් කර ඇත. සෙල්ෆී ඡායාරූප වල වර්ණය වැඩිදියුණු කරන Vivid Mode මීට උදාහරණයකි. මෙමගින් සඟරාවක කවරයක ඇති ඡායාරූපයක් ලෙස අලංකාරව සෙල්ෆි ඡායාරූප වැඩිදියුණු කළ හැකි අතර AR (Augmented Reality) Stickers මගින් සෙල්ෆි ඡායාරූප වලට විවිධ ආකර්ෂණීය අංග එක්කර සමාජ මාධ්‍ය වල ඒවා පළකළ හැකි වේ.

    Super Full Screen 2.0 සමග 19:9 Aspect Ratio

    F7 හි ඇති 2280 x 1080 resolution, 6.23-inch FHD+ Super Full Screen තිරය වඩාත් වෛවර්ණ, සුපැහැදිලි දර්ශන ලබාදෙයි. ඉතාමත් පහසුවෙන් අත්ල මත රඳවා ගත හැකි පරිදි එය සැලසුම් කර තිබේ. විශේෂ 19:9 aspect ratio සහිත ප්‍රථම දුරකථනයද මෙය වන නිසා එය වීඩියෝ ක්‍රීඩා වලටද ඉතාමත් සුදුසු ය. ඉදිරිපස කැමරාවක්, නවතම ඇන්ටනාවක් සහ සෙන්සරයක් ඇතුළු අංග ඉතාමත් අලංකාර ලෙස කැමරාව ඉදිරිපස යෙදීමට OPPO මෙහිදී සමත් වී තිබීම විශේෂත්වයකි.

    App-in-App මගින් ක්‍රීඩාවක යෙදී සිටියදී හෝ චිත්‍රපටයක් නරඹමින් සිටියදීම දුරකථන ඇමතුමකට ප්‍රතිචාර දැක්විය හැකි වේ. ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් Full Screen Multitasking නිසා හුදෙක් අංග චලනයන් මගින් Apps එකකින් එකකට මාරු කළ හැක.

    තරුණ පරපුරේ මන බඳින ආකර්ෂණීය නව නිමාව

    අතිනවීන නිමාවකින්, තරුණ පරපුරේ සිත් දිනාගන්නා ආකාරයට නව OPPO F7 නිපදවා ඇත. Solar Red, Moonlight Silver සහ Diamond Black ( 64GB and 4GB RAM මාදිලිය සඳහා) යන වර්ණ වලින් මේවා ලබාගත හැකි වේ.

    වීදුරු වලින් නිමවූ සුවිශේෂී බඳක් සහිත දිදුලන පෙනුමක් ඇති විශේෂ මාදිලියක් වන 128GB සමග 6GB RAM සහිත මාදිලිය Solar Red සහ Diamond Black යන වර්ණ වලින් රු. 69,990 කට මිලදීගත හැක. ආලෝකය වැටෙන දිශාව අනුව වෙනස් වර්ණ දිස්වන ආකාරයට, ඉතාමත් සුවිශේෂී අලංකාරයක් සහිතව මෙය නිමවා තිබේ.

    F7 Diamond යනු සැබවින්ම අලංකාරයේ සහ නවීන තාක්ෂණයේ විශිෂ්ට මුසුවකි. මීට පෙර කිසිදු දුරකථනයක දිස් නොවූ ආකාරයක සුවිශේෂී වර්ණ රටා පෙළක් මෙහි සෑම කෝණයකින්ම දිස් වේ. ඊට හේතුව වන්නේ දියමන්ති කැපීමේදී හා ඔප දැමීමේදී භාවිතා වන හැඩතල වලට සමාන හැඩතල මෙය නිර්මාණයේදී භාවිතා කර තිබීමයි. එම නිසා ජංගම දුරකථන පාරිභෝගිකයන්ට මෙය සුවිශේෂී අත්දැකීමක් වනු නොඅනුමාන ය.

    නවතම ColorOS 5.0 සමග වැඩිදියුණු කළ දෘඪාංග

    64-bit 4GB Octa-core ප්‍රොසෙසරය සමග වැඩිදියුණු කළ මෙහෙයුම් පද්ධතියක් F7 හි යොදා ඇත. Android 8.1 පදනම් කරගත් ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා ඊට AI තාක්ෂණයද ඇතුළත් කර තිබේ.
    අදාළ app එකට අනුව උපරිම කාර්යක්ෂමතාවක් සහතික වන පරිදි දුරකථනය ක්‍රියාත්මක කරවීමේ හැකියාව ColorOS 5.0 මෙහෙයුම් පද්ධතිය සතු ය. එමෙන්ම එය F5 හි ඇතුළත් මෙහෙයුම් පද්ධතියට වඩා 80% ක් වේගවත් වේ. තවද එය වඩාත් කාර්යක්ෂම ලෙස බැටරිය භාවිතා කරන නිසා ආරෝපණය වැඩි කාලයක් පවතී.