නවතම Huawei P20 Pro මේ මාසයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    April, 20, 2018

    ලොව ප්‍රථම ත්‍රිත්ව කැමරා පහසුකම් සහ Artificial Intelligence සහිතව  Huawei P20 Pro ළඟදීම

     

    ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝනය වන Huawei විසින්  නවතම  Huawei P20 Pro  ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට සැරසෙයි.   කැමරා ත්‍රිත්වයක් සහිතව ලොව මුල් වරට නිපදවූ ස්මාර්ට්ෆෝනය වන මෙහි කැමරා ත්‍රිත්වය Artificial Intelligence මගින් මෙහෙයවීම ද  විශේෂත්වයකි.  අනිකුත් සියලුම ප්‍රමුඛ සන්නාම අභිබවා යමින්  නිපදවූ මෙම Huawei P20 Pro ස්මාර්ට් ෆෝනය මේ වනවිට ජාත්‍යන්තර මට්ටමින් හඳුන්වා දී අවසන් ය .  මෙම සුපිරි ස්මාර්ට්ෆෝනය මෙරටට හඳුන්වා දීම  2018 අප්‍රේල් මස අවසානයේදී සිදු කිරීමට නියමිතය.

    ලොව මුල්ම වරට Leica ත්‍රිත්ව කැමරා පහසුකම් සහිතව නිපදවා ඇති මෙම ස්මාර්ට්ෆෝනය තාක්ෂණයෙන් උසස් සුපිරි ස්මාර්ට්ෆෝන් අත්දැකීමක්  ලබා දෙනු නොඅනුමාන ය. Huawei P20 Pro තත්වයෙන් උසස් වෘත්තිය මට්ටමේ ඡායාරූපකරණ පහසුකම් වලින් සමන්විත වන අතර වෙහෙසකින් තොරව සෑම කෙනෙකුටම තත්වයෙන් උසස්තම ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.

    Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය ලොව මුල්ම වරට Leica ත්‍රිත්ව කැමරා පහසුකම් සහිතව වෙළඳපොළට එන අතර අනිකුත් ස්මාර්ට්ෆෝන් අතර ඉහළම ෆික්සල් ධාරිතාවකින් යුතු ඡායාරූප ලබාගැනීමට අවස්ථාව සලසා දෙයි.

    40MP RGB සෙන්සර් පහසුකම සහිතව නිපදවා ඇති පසුපස කැමරා පද්ධතිය 20MP monochrome sensor පහසුකම් සහ 8MP sensor මෙන්ම 5x Hybrid Zoom ටෙලිෆොටෝ ලෙන්ස් ආදී පහසුකම් වලින් යුක්තවෙයි. මෙම තාක්ෂණික විශේෂතා නිසා වඩා දීප්තිමත්, සවිස්තරාත්මක මෙන්ම  තත්වයෙන්  උසස් zoom කිරීමේ පහසුකම් වලින්ද යුක්ත වෙයි.  24MP සෙල්ෆි කැමරාවක් සහිතව හඳුන්වා දෙන Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය  එම සෙල්ෆි ඡායාරූප නවතම ආකාරයට හැඩගන්වා ගැනීමේ පහසුකම් වලින් සහ  3D ආලෝකකරණ පහසුකම් වලින් ද යුක්ත වෙයි.  තවද සමෙහි වර්ණය, මුහුණේ ස්වරූපය ආදිය තමන්ට අවශ්‍ය පරිදි සකසා ගැනීමේ පහසුකම්   මෙම 3D ආලෝකකරණ පහසුකම්  යටතේ  ලබාගත හැකි අතර එමඟින් තත්වයෙන් උසස් ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව පවතියි.

    විචිත්‍රවත් වර්ණ සංයෝජනයකින් සමන්විත සම්පූර්ණ තිරයක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය   18.7:9.ක  Aspect Ratio සහ  6.1” OLED Display පහසුකම් සහිතව නිපදවා තිබේ. 6GB RAM  සහ 128GB ROM ආදී ධාරිතාවකින් යුතු  මෙම Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය 4,000mAh  බැටරියකින් යුක්ත වෙයි. තව ද  Kirin 970ක  Artificial Intelligence හෙබි චිප් පහසුක්ම සහිත මෙම නවතම හඳුන්වා දීම ඇඟිලි සළකුණු තාක්ෂණය සහ  bezel-less ඩිස්ප්ලේ පහසුකම් වලින් යුක්ත වෙයි.  මෙම නවතම ස්මාර්ට්ෆෝනය විචිත්‍රවත් වර්ණ වලින් මිලදී ගත හැකි අතර දම් සහ නිල් පැහැය සංයෝජනයෙන් සැකසූ “Twilight” වර්ණයෙන් යුක්ත වීම ද විශේෂත්වයකි.

    මෙම නවතම හදුන්වාදීම පිළිබඳව අදහස් දැක්වූ Huawei උපාංග ශ්‍රී ලංකා ප්‍රධානි පීටර් ලියු මහතා සඳහන් කළේ සිය නවතම විප්ලවීය ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් බවයි. ලොව මුල්ම වරට ත්‍රිත්ව කැමරා පහසුකම් සහ අති නවීන තාක්ෂණික පහසුකම් රැසක් සහිතව නිපදවූ මෙම ස්මාර්ට්ෆෝනය Huawei නිෂ්පාදන අතර ප්‍රමුඛ තැනක් ගන්නා බව සඳහන් කළේය. Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය ඉහළ පරාසයේ ස්මාර්ට්ෆෝනයක් වන අතර පාරිභෝගික හැසිරීමට ගැලපෙන ආකාරයට එහි විශේෂාංග සකසා ඇති බව ද හෙතෙම  පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ මෙම Huawei P20 Pro ස්මාර්ට්ෆෝනය තරුණ තරුණියන් මෙන්ම කලාත්මක ඡායාරූප ලබාගැනීම සඳහා උනන්දුවන ඡායාරූප ලෝලීන් ඉලක්ක කරගෙන නිපදවූ බවයි.

    ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන කෘත්‍රිම බුද්ධිය මඟින් ඡායාරූපය සඳහා අවශ්‍ය කැමරා සැකසුම් සකස් කිරීම මෙම ස්මාර්ට්ෆෝනයේ ඇති සුවිශේෂීතාවක් බවත්, මින් පෙර ස්මාර්ට්ෆෝන් ක්ෂේත්‍රය තුළ නොදුටු සුවිශේෂි තාක්ෂණික විශේෂාංග රැසකින් මෙම ස්මාර්ට්ෆෝනය සමන්විත වන බවත්  පීටර් ලියු මහතා පෙන්වා දුන්නේය. මෙම සියලු නවාංග පාරිභෝගික අවශ්‍යතා විමසීමෙන් පසුව එක් කළ ඒවා බව ද හෙතෙම සඳහන් කළේය.

    කෙටි කාලයක් තුළ වේගයෙන් වර්ධනය වූ වෙළඳ පළ ආධිපත්‍යයක්  ගොඩනගා ගැනීමට  Huawei සන්නාමය මේ වනවිට සමත් වී ඇති අතර   Huawei නිෂ්පාදන මෙරට  ජාතික බෙදාහරින්නා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම සහ කාර්යක්ෂමතාව ඊට පාදක විය.

    වසර 2017 දී  Huaweiසන්නාමය Fortune 500 ශ්‍රේණිගත කිරීම් අතර මුල් සන්නාම 100 අතරට එක්වෙමින් 83 වන ස්ථානය හිමිකර ගත්තේය. එමෙන්ම ලොව වටිනාතම සන්නාම  දැක්වෙන ෆෝබ්ස් වාර්තා අතර  88 වන ස්ථානයද, BrandZ’s Top 100 වාර්තාවට අනුව 49 වන ස්ථානය ද, හිමිකරගෙන සිටියි. මීට අමතරව 2018 වසරේ   Brand Finance Global 500 හි 25 වන ස්ථානයත්, ලොව හොදම සන්නාම සඳහා වන Interbrand’s හි 70 වන ස්ථානයත් හිමිකර ගැනීමට Huaweiසමත් වී තිබේ. තත්වය අතින් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට්ෆෝනය වන Huawei අසමසම තත්වය අතින් වසර ගණනාවක් පුරා මෙරට විශ්වාසය ඉහළින්ම දිනාගත් සන්නාමයකි.