නවතම Huawei Y5 2019 ජංගම දුරකථනය වෙළඳපලට

    June, 12, 2019

    Huawei Y ස්මාර්ට් ජංගම දුරකථන පෙළට එක්වූ නවත ම සාමාජිකයාවන Y5 ජංගම දුරකථනය නවත ම විශේෂාංග රැසකින් සමන්විතය.

    Android Pie මත පදනම් වූ EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් යුතු මෙම නවත ම ජංගම දුරකථනය 32GB අභ්‍යන්තර ගබඩා කිරීමේ පහසුකමින් මෙන්ම 512GB දක්වා microSD කාඩ් ඇතුළත් කිරීමේ හැකියාවෙන් ද යුතු වෙයි. තවද, microUSB හරහා ආරෝපණයවන 3,020mAh බැටරියකින් ද මෙම දුරකථනය සමන්විතය. මෙම දුරකථනයට 4G සබඳතාවක් සමගින් පහසුවෙන් පැය 10ක කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවත් පැය 74ක් දක්වා නොකඩවා සංගීතයට සවන්දීමට හෝ පැය 16ක් දක්වා ගබඩාකරන ලද වීඩියෝ නැරඹීමටත් හැකි බව Huawei පරීක්ෂණාගාර තුළ සිදු කළ පරික්ෂාවලදී තහවුරු වී ඇත. ඒ අනුව ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පවා දිනකට එක් වරක් පමණක් දුරකථනය ආරෝපණය කර භාවිත කළ හැකිය.

    අඟල් 5.71ක 19:9 DewDrop දර්ශන තිරයකින් සමන්විත Y5 2019 ස්මාර්ට් ජංගම දුරකථනය, අන්තර්ජාලයේ සැරිසැරීම, වීඩියෝ නැරඹීම හෝ ක්‍රීඩාවල නිරත වීම සඳහා අසමසම දර්ශන අත්දැකීමක් හිමිකර දෙයි. මෙහි දර්ශන තිරය සාපේක්ෂව විශාල වුවත් තනි අතින් පහසුවෙන් තිරය හැසිරවීමට හැකි වීම විශේෂත්වයකි.

    32GB ROM එකකින් සමන්විත මෙම දුරකථනය Huawei සමාගමේ EROFS අභ්‍යන්තර මතක උපරිමකරණ තාක්ෂණයෙන් ද යුතුවෙයි. එම තාක්ෂණය හරහා දුරකථනයේ පද්ධති මෘදුකාංග ඵලදායී ලෙස සම්පීඩනය කරමින් උපරිම ගබඩාකරණ හැකියාවක් ලබාදෙයි. Huawei සමාගමට විශේෂ වූ කාඩ්පත් තුනක් ඇතුළත් කිරීමේ හැකියාව මෙම දුරකථනයට ද ලබාදී ඇති අතර ඒ අනුව නැනෝ-සිම් කාඩ්පත් දෙකක් සහ එක් මෙමරි කාඩ්පතක් ඇතුළත් කිරීමට හැකිය.

    "Huawei සමාගම නිරන්තරයෙන් සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් දැරිය හැකි මිලට උසස් ම තාක්ෂණය ලබාදීමට කටයුතු කරනවා. අපගේ ගමන තුළ අපට පුළුල් ඇගයීමක් හිමිවී තිබෙන අතර තවදුරටත් නව තාක්ෂණයෙන් යුතු උපාංග හඳුන්වා දීමටත් ඒ හරහා ජනතාවගේ ජීවිත පහසු කිරීමටත් එය අපට මහත් දිරියක් වනවා. විශිෂ්ට බැටරි කාලයකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුතු Huawei Y5 ජංගම දුරකථනය ශ්‍රී ලාංකේය වෙළඳපලට හඳුන්වා දීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා" යනුවෙන් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා ප්‍රකාශ කළේය.

    වඩාත් සුපැහැදිලි ඡායාරූප ලබාදීම සඳහා f/1.8 ඇපචරයකින් යුතු 13MP පසුපස කැමරාවකින් සමන්විත Y5 2019 ජංගම දුරකථනය අඩු ආලෝක තත්ත්වවලදී පවා විශිෂ්ට ඡායාරූප ලබාදීමේ හැකියාවෙන් යුතුවෙයි. භාවිත කරන්නාගේ මුහුණේ ලක්ෂණ අනුව කෘත්‍රිම බුද්ධිමය  ඡායාරූප අලංකරණ විශේෂාංගයෙන් සමන්විත 5MP ඉදිරිපස කැමරාව සමේ පැහැය පැහැදිලි කිරීම, දෑස් දීප්තිමත් කිරීම සහ කැළැල් ඉවත් කිරීම ඇතුළු සුවිශේෂී විශේෂාංග රැසකින් යුතු වෙයි.

    Huawei Y5 2019 ජංගම දුරකථනය, අඩු නිල් එළිය සහ ඡායාරූප ජෛව විද්‍යාත්මක ආරක්ෂාව සඳහා TUV Rheinland තත්ත්වය ද හිමිකර ගෙන ඇත. ඇසට හානිකර නිල් එළි විමෝචනය කරන ඇසට විඩාවක් නොවන ලෙස ස්වයංක්‍රීයව වර්ණ සහ දීප්තිය සකස් කරයි.

    නව Huawei Y5 2019 ස්මාර්ට් ජංගම දුරකථනය Midnight Black, Amber Brown සහ Sapphire Blue යන වර්ණ තුනකින් නිකුත් කර ඇති අතර දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවලදී රු. 19,990 ක හඳුන්වාදීමේ මිලකට ලබාගත හැකිය.