January, 3, 2024
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය පුහුණුව සංවර්ධනය කිරීම සහ දක්ෂ සාත්තු සේවකයින් සඳහා ඉහළ වෘත්තීය ප්රමිතීන් සකස් කිරීම වෙනුවෙන් වූ මාවතේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ නවලෝක රෝහල,Daiki Lanka (Pvt) Ltd සමඟ 2023 දෙසැම්බර් 21 වැනි දින අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කළේය.
ලෝකයේ වැඩිහිටි ජනගහනය ඉහළයාම හේතුවෙන්, සාත්තු සේවකයින් සඳහා විශාල ඉල්ලූමක් පවතී. සිය වැඩිහිටි ප්‍රජාව රැකබලා ගැනීම සඳහා ජපාන රජය පියවර ගෙන තිබේ. Daiki Group ජපානයට අවශ්‍ය සාත්තු සේවා සැපයීම සඳහා වැඩිහිටි සුරැකුම් නිවාස පහසුකම් සහ හෙද සේවා පහසුකම් සලසනු ලබයි. 2050 වන විට ජපානයේ ජනගහනයෙන් තුනෙන් එකක් වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය වනු ඇතැයි ගණන් බලා ඇති අතර වත්මන් ජනගහනයට අනුව ඔවුන්ට සාත්තු සේවකයින් මිලියන 2-2.5 ක් අවශ්‍ය වේ. අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම මගින් ජපානයේ සේවය කිරීමට අවශ්‍ය වෘත්තීයමය දක්ෂ සාත්තු සේවකයින් සැපයීමට අරමුණු කර ඇත.
නවලෝක රෝහල් සමූහයේ අධ්යක්ෂ / සාමාන්‍යාධිකාරී විද්‍යා ජ්‍යෝති, මහාචාර්ය ලාල් චන්ද්‍රසේන සහ Daiki Lanka (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ යොසුකෙ නකමුරා යන මහත්වරුන් විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි. කොළඹ නවලෝක රෝහල නියෝජනය කරමින් ආයතන ප්‍රධානී තුවාන් ජමාලන් මහතා සහ පුහුණු කළමණාකාර සුදන්ත සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
උත්සවය අමතමින් මහාචාර්ය ලාල් චන්ද්‍රසේන මහතා ජාතික වෘත්තීය සුදුසුකම (NVQ) සහ නවලෝක රෝහලේ සායනික පළපුරුද්ද සහිතව ජපානයේ සාත්තු සේවකයෙකු ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. ජපන් භාෂාව, සංස්කෘතිය ඉගෙන ගැනීමට සහ සහතිකපත්ලාභීන් සඳහා ජපානයේ රැකියා වීසා ලබා ගැනීමට Daiki Lanka සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු සඳහන් කළේය.
ඡායාරූපය - වමේ සිට - තුවාන් ජමාලන් මහතා (ආයතන ප්‍රධානී) , මහාචාර්ය ලාල් චන්ද්‍රසේන (අධ්යක්ෂ /සාමාන්‍යාධිකාරී) , යොසුකෙ නකමුරා මහතා (කළමනාකාර අධ්යක්ෂ - Daiki Lanka) , සුදන්ත සෙනෙවිරත්න මහතා, (කළමනාකරු -පුහුණුව)
Video Story