නවලෝක රෝහල් සමූහය සිය 1800ක් වූ කාන්තා ශ‍්‍රම බලකාය අගයමින් ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානවත් ලෙස සමරයි

    March, 16, 2021

    පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රයේ නියමුවා වන නවලෝක රෝහල් සමූහය තම 1800ක් වන කාන්තා ශ‍්‍රම බලකාය සමගින් ජාත්‍යන්තර කාන්තා දිනය මහත් අභිමානයෙන් යුතුව සමරන ලදි. මෙම සැමරුම් උළෙල මාර්තු 9වන දින නවලෝක රෝහල් සමූහයේ ශ‍්‍රවනාගාරයේදී පැවැත්වින.

    නවලෝක ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙල සඳහා රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම , සංගීතා වීරරත්න සහ ධනාත්මක චින්තන කථික නයෝමි හඳුන්නෙත්ති යන මහත්මීන් ප‍්‍රධාන ආරාධිතයින් ලෙස මීට සහභාගී විය. මෙම සැමරුම් උළෙලේ ප‍්‍රධාන දෙසුම ධනාත්මක චින්තන කථික නයෝමි හඳුන්නෙත්ති මහත්මිය විසින් සිදු කළ අතර විවිධ බාධක සහ අභියෝග මැද තම රැුකියාව සහ ව්‍යවසායන් දියුණු කරගන්නා ආකාරය ඇයගේ අත්දැකීම් ඇසුරෙන් පෙන්වා දෙන ලදි. එමෙන්ම නවලෝක රෝහල් සමූහයේ ප‍්‍රධාන ප‍්‍රධාන වෛද්‍ය නිලධාරී ප‍්‍රසාදිකා ගුණසේන සහ ප‍්‍රධාන හෙද නිලධාරිනී සුරංගනී ජයසිංහ උත්සව සභාව ඇමතුවාය. මෙදින නවලෝක රෝහලේ සේවය කරන සියලූ කාන්තාවන් සඳහා රෝස කුසුමක් සහ ත්‍යාගයක් ලබා දීමට කළමනාකාරීත්වය කටයුතු කරන ලදි.

    ‘‘ නවලෝක රෝහල් සමූහය ලෙස අපට වසරේ සෑම දිනක්ම කාන්තා දිනයක්. 2021 වසර සුවිශේෂී වන්නේ තවමත් නිමාවක් නොදුටු කෝවිඞ් වසංගතය සඳහා මුහුණ දෙමින් රෝහලේ සියලූ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා අපගේ කන්තා ශ‍්‍රම බලකාය සුවිශේෂී දායකත්වයක් දැක්වූ අතර එම උදාර මෙහෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේදී ඇගයීමට හැකි වීම අතිශය සතුටට කරුණක්. විශේෂයෙන් කෝවිඞ් වසංගතය දරුණු ලෙස පැතිර ගිය පසුගිය වසරේදී අපගේ කාන්තා හෙද කාර්යමණ්ඩලය රෝහලේ කටයුතු පවත්වා ගනිමින් රෝගීන්ට ප‍්‍රතිකාර ලබා දීම සඳහා විශාල කැපකිරීමක් සිදු කළා. මේ කැපවීම නිසා කෝවිඞ් වසංගතය දරුණු ලෙස පැතිරෙන අවස්ථාවේදී පවා නවලෝක රෝහලේ සේවා වඩාත් ප‍්‍රශස්ත ලෙසින් පවත්වා ගැනීමට අපට හැකි වුනා. ඔවුන්ගේ මෙම කැපවීම ඉදිරි පරපුරටත් විශාල ආදර්ශයක් ලබා දෙන අතර කාන්තාව සතු අසීමිත ශක්තිය තුළින් අනාගතයේ බොහෝ අභියෝග ජය ගැනීමට ඇයව දිරි ගන්වනු ඇති බව මම විශ්වාස කරනවා’’ යනුවෙන් නවලෝක රෝහල් සමූහයේ නියෝජ්‍ය සභාපති හර්ෂිත් ධර්මදාස මහතා පැවසීය.

    ස්ත‍්‍රී පුරුෂ සම අවස්ථා ලබා දෙන නවලෝක රෝහල් සමූහය සිය සේවිකාවන්ට රැුකියාවේ ඉහළට ගමන් කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් සේවා පරිසරයක් සකස් කර ඇත. මෙරට පුද්ගලික රෝහල් සේවයේ විශිෂ්ටතම හා පුරෝගාමී රෝහල් සේවාව වන නවලෝක රෝහල වඩාත් උසස් සායනික සේවාවක් රෝගීන් වෙනුවෙන් ලබා දීම සඳහා සිය කාන්තා ශ‍්‍රම බලකාය සඳහා කාන්තාවන්ට වෙන්වූ විවේකාගාර, නවාතැන් පහසුකම්, අහාර සහ ප‍්‍රවාහන පහසුකම් ලබා දෙයි. මීට අමතරව සාප්පු සහ කාර්යාලීය සේවක පනත යටතේ හිමිවන ප‍්‍රතිලාභ මෙන්ම රාත‍්‍රී වැඩමුර සඳහා වඩාත් ප‍්‍රවේශම් සහගතව කාන්තාවන් යොදා ගැනීම සිදු කෙරේ. කාන්තා සේවිකාවන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තෙක් ඉදිරියට ගෙන ඒමට ද කටයුතු කරන අතර ඔවුන්ගේ පුද්ගලික මෙන්ම වෘත්තීය අභිවෘද්ධිය සඳහා පියවර රැසක් ගෙන ඇත.