නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යාමට පුද්ගලික අංශය දිරිමත් කළ යුතුයි

    December, 8, 2017

    නවෝත්පාදන වැඩසටහන් ගණනාවක් රටට දායාද කර තිබෙන බවත් නවෝත්පාදන නිෂ්පාදනයන් වෙළඳපොළට ගෙන යෑමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් මේ සඳහා පුද්ගලික අංශය දිරිමත් කළ යුතු බවත් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න මහතා පවසයි.

    විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් රජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යාංශය විශාල වැඩකොටසක් කළා.විදාතා වැඩසටහන මිලියන 165ක් ලැබී තිබෙනවා. ව්‍යවසායක ප්‍රජාවගේ අවශ්‍යතා හඳුනාගෙන විවිධ ක්ෂේත්‍ර පදනම් කරගෙන ප්‍රදේශ අවශ්‍යතා
    හඳුනාගෙන අවශ්‍ය කටයුතු සිදු කරනවා. තෝරාගත් ව්‍යවසායකයන්ට දැනුම ලබාදෙනවා. බිම්මල් ව්‍යාපෘතියට අවශ්‍ය තාක්ෂණය ලබාදී තිබෙනවා.  ව්‍යවසාකයන් බලගැන්වීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා.

    විද්‍යාව හා තාක්ෂණය නව නිපැයුම් වල දැනුම ලබාදීම ආරම්භ කර තිබෙනවා. ජතික මට්ටමින් විදාතා හරිත කඩමණ්ඩිය නමැති වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ තුළින් භාණ්ඩ අලෙවි කිරීමේ වැඩසටහනින් සිදු වෙනවා. වස විසෙන් තොර ශ්‍රී ලංකවක් සඳහා විදාත මධ්‍යස්ථාන දායක වී තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.