නව කර්මාන්ත ඇරඹීමට ආයෝජකයින් 150 ක් ඉල්ලීම් ඉදිරිපත් කරයි – කටුනායකට අක්කර 100ක කර්මාන්තපුරයක්

    January, 26, 2021

    බස්නාහිර පළාතේ කර්මාන්ත ඇරඹීම සඳහා ආයෝජකයින් 150කට ආසන්න ප්‍රමාණයක් කර්මාන්ත අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම මඟින් රුපියල් මිලියන 30,000ක පමණ ආයෝජනයක් යටතේ රැකියා අවස්ථා 11,500ක් පමණ උත්පාදනය කිරීමට හැකියාව පවතින බව තහවුරු වී ඇත.
    දැනට බස්නාහිර පළාතේ කර්මාන්තපුර 08ක් පිහිටා ඇති අතර, ඒවා පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වේ. එබැවින්, බස්නාහිර පළාතේ නව කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතී.
    ඒ අනුව, ඇඟළුම් හා ආශ්‍රිත නිෂ්පාදනවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රබර්, ප්ලාස්ටික්, ඖෂධ හා ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම්කරණ, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන සහ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්ත ආරම්භ කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත් කලුදියවල වත්ත නැමැති රජයේ ඉඩමෙහි අක්කර 100ක පමණ භූමියක කටුනායක කර්මාන්තපුරය ස්ථාපිත කිරීම පිණිස කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.