නව කාර්යාල සංකීර්ණයකට ඩොලර් මිලියන 25ක ආයෝජනයක්

    March, 14, 2022

    Grafeio One (Pvt) Ltd සමාගම විසින් නව කාර්යාල සංකීර්ණයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ආයෝජන ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී.

    කොළඹ 03 ගාලු පාරේ මෙම නවීන කාර්යාල සංකීර්ණය පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා Grafeio One (Pvt) Ltd ආයතනය සිදුකරනු ලබන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 25.18 කි.

    Phoenix Ventures (Pvt) Ltd හි අනුබද්ධිත ආයතනයක් වන Grafeio, පසුගිය වසර 50 පුරා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන විවිධාංගීකරණය වූ ආයතන රැසක් හිමි සමාගමකි.

    ආයෝජන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු. රාජා එදිරිසූරිය, සහ Phoenix Ventures (Pvt) Ltd. සභාපති/Geafeio One (Pvt) Ltd අධ්‍යක්ෂක අස්ලම් ඕමාර් විසින් මෙම ගිවිසුම අත්සන් කර ඇත.

    Phoenix Ventures (Pvt) Ltd සමාගම ප්‍රධාන වශයෙන් විලාසිතා, පොලිමර් සහ දේපළ වෙළඳාම් කර්මාන්ත සඳහා සෘජු ආයෝජන යොදවා ඇත.