නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා අතුරුගිරිය අන්තර් හුවමාරුවට කණු මතින් අධිවේගී මාර්ගයක්

    January, 26, 2021

    ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ දැනට ඉදිවෙමින් පවතින කණු මත ඉදිකරනු ලබන වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය ඔස්සේ නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදිකරනු ලබන අධිවේගී මාර්ගයක් (Elevated Expressway) ඉදිකිරීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත.
    ඒ අනුව, ඉදිකර පවත්වාගෙන ගොස් පැවරීමේ (BOT) පදනම මත 100%ක විදේශ අරමුදල් සහිතව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සඳහා ඉල්ලීම් (RFP) කැඳවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.