නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ජපන් කාර්මික ප්‍රමිතීන් ද අභිබවා යන ‘Leader Group’

    September, 5, 2023

    මෙරට කීර්තිමත් බැටරි නිෂ්පාදන සමාගමක් වන 'ලීඩර් ගෲප්' නවීන තාක්ෂණය සඳහා වන ආතර් සී. ක්ලාක් (ACCIMT) ආයතනය විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පළමු අධි තාක්ෂණික බැටරි ධාරිතා පරීක්ෂකය ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ලොව ප්‍රකට ACCIMT ආයතනය ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන සමාගමක් සඳහා මෙවැනි අති නවීන පරීක්ෂකයක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

    නවෝත්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පර්යේෂණ ආයතනයක් වන ACCIMT සහ 'ලීඩර් ගෲප්' එක්ව මෙම විප්ලවීය බැටරි ධාරිතා පරීක්ෂකය නිෂ්පාදනය කර ඇත. පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයෙන් යුතු බැටරි සැපයීම සඳහා 'ලීඩර් ගෲප්' හි කැපවීම යළි තහවුරු කරමින් මෙම විප්ලවීය සොයාගැනීම සමඟ විවිධ තීරණාත්මක පරාමිතීන් තුළ ජපන් කාර්මික ප්‍රමිතීන් (JIS) සපුරාලීමට පමණක් නොව ඒවා අභිබවා යාමට ද 'ලීඩර් ගෲප්' අවස්ථාව සලසා දී ඇත.

    ජපන් කාර්මික ප්‍රමිතීන් හා සැසඳීමේ දී ලීඩර් බැටරිවලට අදාළ පරීක්ෂණ ප්‍රතිඵල විශිෂ්ටත්වය සඳහා වූ සමාගමේ නොසැලෙන කැපවීම මනාව පිළිබිඹු කරයි:

    1. Cold Cranking Amperes: සුවිශේෂී Cold Cranking Amperes (CCA) තුළින් ජපන් කාර්මික ප්‍රමිතීන් ඉක්මවා කැපී පෙනෙන කාර්ය සාධනයක් පෙන්නුම් කිරීමට ලීඩර් බැටරි සමත්ව ඇත. ශීත තත්ත්වයන්හිදී එන්ජිමක් පණගැන්වීමට බැටරියකට ඇති හැකියාව මැනීමට Cold Cranking Amperes භාවිතා කරන අතර, ලීඩර් බැටරි ආන්තික තත්ත්වයේ දී ඒවායේ ශක්තිමත් බව තහවුරු කර ඇත.
    1. සංචිත ධාරිතාව/ Reserve Capacity (RC): ප්‍රමිතීන් අභිබවා යන සංචිත ධාරිතාවක් සහිත ලීඩර් බැටරි සෑම විටම දිගු ක්‍රියාකාරිත්වයක් සහතික කරයි. බැටරි සම්බන්ධ තීරණාත්මක සාධකයක් වන සංචිත ධාරිතාව ලීඩර් බැටරිවල ඉතා ඉහළ මට්ටමක පවතී.
    1. ආයුකාලය පරීක්ෂාව/ Lifecycle Test: දරාගැනීමේ හැකියාව සහ විශ්වසනීයත්වය පෙන්නුම් කරමින් ඇම්පියර් පැය ගණන ඉහළ නංවන ලීඩර් බැටරි ජපන් කාර්මික ප්‍රමිතීන් අභිබවා යයි. ඒ හරහා ලීඩර් බැටරි දිගු ආයුකාලය සහ විශ්වසනීය බව තහවුරු කරයි.

    'ලීඩර් ගෲප්' සභාපති, ආචාර්ය ශ්‍රියන්ත කුරේ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් පැවසුවේ: "හෙට දවසේ තාක්ෂණය සමඟ ලෝකය බලගැන්වීම අපේ දැක්මයි. අපි යෙදිලා ඉන්නේ අනාගතය සඳහා වන බැටරි නිෂ්පාදනය කිරීමේ මෙහෙවරක."

    "ආචාර්ය පනාවැන්නගේ දූරදර්ශී නායකත්වය යටතේ ACCIMT ආයතනය සමඟ ඇති කරගත් මේ හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව අධි තාක්ෂණික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා වන ගමනේ එක් පියවරක්. මෙම විශිෂ්ට පරීක්ෂණ උපකරණය සමඟ සම්බන්ධ වන අපගේ බැටරිවල ඇති 'SilverCell' තාක්‍ෂණය ලීඩර් බැටරි ජපන් කාර්මික ප්‍රමිතීන් ඉක්මවා යන බව විශ්වාසයෙන් පැවසීමට අපට ඉඩ සලසනවා."

    මෙය රටේ ආර්ථික වර්ධනය සඳහා දායක වන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ACCIMT හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සනත් පනාවැන්නගේ මහතා පැවැසුවේ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම පිළිබඳව වන කතාබහ තුළ නිරන්තරයෙන් කතාබහට ලක් වූ පැතිකඩක් වැළඳ ගැනීමට මේ සුවිශේෂී සොයාගැනීමට හැකි වී ඇති බව යි.

    "අපගේ ආර්ථික පරිවර්තන ක්‍රියාවලියේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපගේ අපනයන පරිමාවෙන් කොපමණ ප්‍රමාණයක් සැබැවින්ම උසස් තාක්ෂණයෙන් යුතු ද යන කරුණ මත." ඔහු සඳහන් කළේය. "අද අපි සාකච්ඡා කරන්නේ අධි තාක්‍ෂණික නිෂ්පාදන ක්‍රියාවලීන් විධිමත් කිරීම සහ ගෝලීය වෙළෙඳපොළට නවීනතම නිෂ්පාදන සැපයීම පමණක් නොව, මෙම කලාපයේ  සහ ඉන් ඔබ්බටත් අලෙවි කළ හැකි ආකාරයේ බහුකාර්ය නිෂ්පාදනයක් පිළිබඳවයි." ඔහු වැඩිදුරටත් පැවැසුවේය.

    'ලීඩර් ගෲප්' 'Kaijie', 'Riyelta', 'ESDEE', 'Dhara', සහ 'Energ1' යන සන්නාමවලින් සිය නිෂ්පාදන පාරිභෝගිකයන්ට පිරිනමන අතර උසස් ක්‍රියාකාරිත්වයකින් යුතු එම බැටරි සඳහා ජනතාවගෙන් සහ ධාවන තරඟ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි.

    'ලීඩර් ගෲප්' හි අනුබද්ධිත බැටරි නිෂ්පාදන සමාගමක් වන 'Leader Kaijie' බැටරි සමාගම 2016 වසරේ දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. පසුගිය වසර කිහිපය තුළ සිය බැටරි නිෂ්පාදන පුළුල් පරාසයක් තුළ පුළුල් කර ඇති එම සමාගම මේ වන විට යතුරුපැදි, රථවාහන, සූර්ය පැනල, UPS පද්ධති සහ තවත් බොහෝ දෑ සඳහා අවශ්‍ය බැටරි සපයයි. විශිෂ්ටත්වය සඳහා ම කැප වූ සමාගමක් වන 'Leader Kaijie' මේ වන විට ශ්‍රී ලාංකික බැටරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් බවට පත් වී ඇත. ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ බැටරි නිෂ්පාදකයන් සමඟ ඇති කරගෙන ඇති උපායමාර්ගික හවුල්කාරිත්වයන් තුළින් සිය නිෂ්පාදන අඛණ්ඩව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට පමණක් නොව ඒවා අභිබවා යාමට ද සමාගමට හැකියාව ලැබී ඇත.

    පාරිභෝගිකයන්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන පිරිනැමීම සඳහා කැපවීමෙන් කටයුතු කරන 'Leader Kaijie' සමාගම ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලබා ඇත. දකුණු ආසියාවේ ප්‍රමුඛතම බැටරි නිෂ්පාදන සමාගම් අතර පසු වන සමාගම දිවයින පුරා විසිරී සිටින අලෙවි නියෝජිතයන් 1,200කට වැඩි පිරිසක් හරහා සිය නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයින්ට පහසුකම් සලසා ඇත.

     

    ඡායාරූප ශීර්ෂය:

    ඡායාරූපයේ දැක්වෙන්නේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පුද්ගලයන් (වමේ සිට දකුණට):

    • ඉංජිනේරු ශිරාන් වලිකල - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තාක්ෂණ)
    • ඉංජිනේරු නිරූපා රත්නායක - ජ්‍යෙෂ්ඨ පර්යේෂණ ඉංජිනේරු
    • ප්‍රමිලා ජයසිංහ මෙනවිය - ඉංජිනේරු සහකාර
    • චන්දන පීරිස් මහතා - පර්යේෂණ විද්යාඥ
    • ඉංජිනේරු කමනි එදිරිවීර - නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණික මෙහෙයුම්)
    • ඉංජිනේරු ජානකී අතුරුලිය - අධ්‍යක්ෂ (ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු)
    • ආචාර්ය සනත් පනාවන්නගේ - අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී

    සහ ලීඩර් සමූහයෙන් (වමේ සිට දකුණට):

    • ආචාර්ය ශ්‍රියන්ත කුරේ - සමූහ සභාපති
    • දුෂාන්ති කුරේ මහත්මිය - කළමනාකාර අධ්‍යක්ෂ
    • කෝලිත ප්‍රනාන්දු මහතා - තාක්ෂණික අංශයේ ප්‍රධානී
    • ආචාර්ය මිතුල රත්නායක - අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී
    • චමින්ද දිසානායක මහතා - කර්මාන්තශාලා කළමනාකරු
    • ඉම්රාන් ඉක්බාල් මහතා - කළමනාකරු - ප්‍රධාන ගිණුම්