නව පෙරළිය හමුවේත් එක්ස්පෝලංකා මුල් පුටුව, හනීෆ් යූසුෆ්ට

    May, 9, 2014

    එක්ස්පෝලංකා සමාගමේ සියයට 30 ක කොටස් ජපාන සමාගමක් මිලදීගත්තද සමූහයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස කටයුතු කළ හනීෆ් යූසුෆ් මහතා තවදුරටත් එම තනතුරේ කටයුතු කරන බව එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් කියයි.

    එක්ස්පෝලංකා සමූහයේ මිලියන 586.4 ක කොටස්  S.G Holdings නම් ජපාන සමාගම විසින් අද මිලදී ගත්තේ කොටසක් රුපියල් 10.70 ක් බැගිනි.