නව ප‍්‍රමාණ හතකින් සියැට් රේඩියල් ටයර් පෙළක් වෙළඳ පොළට

    March, 31, 2017

    මෝටර් කාර් රථ, වෑන්, SUV සහ සැහැල්ලූ ට‍්‍රක්රථ සඳහා තවත් ටයර් හඳුන්වාදෙමින් ඉදිරිපත් කරන රේඩියල් ටයර් ප‍්‍රමාණයන් 40 ක් දක්වා ඉහළ නංවයි

    ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ටයර් සන්නාමය වන සියැට් විසින් දේශීය වෙළඳපොළට නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතක් හඳුන්වාදී තිබෙන අතර එමඟින් මූල්‍ය වසර ශක්තිමත්ව හා අනාගත බලාපොරොත්තු දල්වමින් අවසන් කිරීමට සමත්ව තිබේ.

    කුඩා මෝටර් රථ, වෑන්, ස්පෝර්ට්ස් යුටිලිටි වෙහිකල්ස් (SUVs) සහ සැහැල්ලූ ට‍්‍රක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම නව නිෂ්පාදන සමඟ සියැට් රේඩියල් ටයර් මාලාව 40 ක් දක්වා පුළුල් වන අතර මෙම ටයර් පසුගියදා හඳුන්වා දුන්නේ වෙළඳ නියෝජිතයින්ද සහභාගී වූ විචිත‍්‍රවත් උත්සවයකදීය.

    මේ වනවිට, ශ‍්‍රී ලංකාවේ රේඩියල් ටයර් වෙළඳපොළේ සහ අනිකුත් ටයර් කාණ්ඩ හතරක වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සියැට් මෙරට ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම සපයන අතර ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ටයර් වලින් තුනෙන් එකක් රටවල් 15 ක් වෙත අපනයනය කරයි.

    මෙම නව ටයර් ප‍්‍රමාණ හත එළිදැක්වීම සඳහා පැවති උත්සවයේදී අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති චානක ද සිල්වා මහතා පැවසුවේ මෙරට ටයර් වෙළඳපොළ තුළ නව ප‍්‍රවණතාවයන් ඇතිකිරීමට සමාගම සෑමවිටම කටයුතු කරන අතරම තම අලෙවි නියෝජිතයින් පිළිබඳව ඉහළ සැලකිල්ලක් දක්වන බවයි. 'අපගේ වටිනා වෙළඳ නියෝජිතයින් සමග එක්ව අපගේ කාර්යසාධනය නංවමින් සියළු අවස්ථාවන් ජයග‍්‍රහණය කිරීමට උපකාරවන සැලසුම් සහ අදහස් ඉදිරිපත් කරමින් ඔවුන්ගේද අදහස් ලබාගැනීමට අප නිරන්තරයෙන්ම කටයුතූ කරනවා.' යැයිද ඔහු පැවසුවේයග

    මෙහිදී, අදහස් දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ විජේ ගාම්බීරේ මහතා පැවසුවේ සියැට් සිය අනාගත අභිවෘද්ධිය පිළිබඳව ඉහළ දැක්මකින් කටයුතු කරන බවයි. 'අපගේ නිෂ්පාදන පුළුල් කිරීමට සහ ඒවායේ ගුණාත්මක භාවය වැඩි කිරීමට අවශ්‍ය තාක්ෂණය වෙනුවෙන් අපි අඛණ්ඩවම ආයෝජනය කරනවා. ඒ වගේම අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සන්නාමයේ විශ්වසනීයත්වය ගොඩනැගීමටද අපි කටයුතු කරනවාල' යනුවෙන් ඔහු පැවසීය. 'සියැට්, අද ශ‍්‍රී ලංකාවේ විශාලතම ටයර් සන්නාමයයි. අපගේ වර්ධනය සමගින් තමන්ද ඉහළට නගිමින් අපගේ වෙළඳ නියෝජිතයින් සියැට් සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා.'

    සියැට් විසින් හඳුන්වා දුන් නව රේඩියල් ටයර් ප‍්‍රමාණ හතට මයික්‍රෝ ටෙ‍්‍රන්ඞ්, සුසුකි වැගන් ආර්, ටොයොටා පැසෝ, මරුටි සෙන්, නිසාන් මාර්ච්, සුසුකි ඇල්ටෝ මෝටර් රථ සඳහා හඳුන්වා දුන් CEAT 'Milaze' LN 165/65 R13 සහ 165/65 R 14
    කාණ්ඩය, ටොයොටා හයිඒස් (KDH), නිසාන් කැරවෑන් රථ සඳහා CEAT 'Czar' 205/75 R14 සහ 205/75 R15 ටයර් කාණ්ඩය, Mitsubishi Sportero, Nissan Patrol Y 60 සහ Y 61, Toyota Hilux Vigo, Isuzu Bighorn, Toyota Land Cruiser BJ 76 සහBJ 46 මෙන්ම Nissan Double Cab (4WD) D21 සහ D22 වෙනුවෙන් හඳුන්වා දුන් 265/75 R 16 සහ 31/10.5 R15 ටයර් කාණ්ඩය, සහ Elf 250, Mitsubishi Rosa, Toyota Coaster, Mahindra Cab සහ JMC, ABL and FAW සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා හඳුන්වාදුන් 7.00 R 16 Radial Plus ටයර් කාණ්ඩය අයත් වේ.

    මෙම එළිදැක්වීමත් සමග සියැට් විසින් මෙරට වෙළඳ පොළට ඉදිරිපත් කරන රේඩියල් ටයර් මාලාව මෝටර් කාර් රථ සඳහා ටයර් 22 කින්, වෑන් රථ සඳහා ටයර් 10 කින්, SUVසඳහා ටයර් 07 කින් සහ සැහැල්ලූ ට‍්‍රක් රථ සඳහා ටයර් 01 කින් සමන්විත වේ.

    මෙම උත්සව අවස්ථාවට සහභාගී වූ වෙළඳ නියෝජිතයින් වෙත සමාගම විසින් ඉදිිරියේදී දියත් කිරීමට සැලසුම් කර තිබෙන නව වෙළඳ දැන්විම ප‍්‍රදර්ශනය කිරීමද සිදුකරන ලදී. මෙම නව දැන්විම සන්නිවේදන මගින් ඉදිරිපත් කරන්නේ විවිධ ටයර් කාණ්ඩ යටතේ වෙළඳ පෙළ නායකත්වය දරණ එකම ටයර් සන්නාමය සියැට්වන බවයි.

    සියැට් කැළණි සමාගම රේඩියල්, වාණිජල යතුරු පැදි, ත‍්‍රී රෝද රථ සහ කෘෂි කාර්මික වාහන යන අංශ වෙනුවෙන් ටයර් නිෂ්පාදනය කරයි. සමාගම මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළඳ පොළින් 30% ක කොටසක්ද, ට‍්‍රක් රථ/සැහැල්ලූ ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 54% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 17% ක කොටසක්ද, කෘෂි කාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත.