නව රජයෙන් ළඟදීම ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක්. ඉඟිය මහ බැංකු අධිපතිගෙන්

    January, 27, 2015

    වත්මන් රජය විසින් අතුරු අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන පෙබරවාරියේදී සෛවරීත්ව බැඳුම්කර නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර ඇතැයි මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සඳහන් කර ඇත.

    ශ්‍රී ලංකාව මීට පෙර සැලසුම් කර තිබුණේ ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ජනවාරි 21 වනදා කල් පිරීම හමුවේ ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් මගින් ඩොලර් බිලියන 1.5 ක මුදලක් රැස්කර ගැනීමටයි.

    මීටපෙර ලංකාවට ජාත්‍යන්තර බැඳුම්කර නිකුතු සිදුකිරීම සඳහා Citibank, Standard Chartered සහ HSBC යන බැංකු වලින් සහාය ලැබුණි.
    මේ අතර, මහ බැංකු අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ දේශීය වශයෙන් රැස්කර ගන්නා ආදායම ඉහළ දැමීම මගින් අනාගතයේදී ජාත්‍යන්තරව රැස්කර ගන්නා මුදල් අඩුකිරීමේ අදහසක් තිබෙන බවයි.

    ජනවාරි 29 වනදා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අතුරු අයවැය මගින් බදු ක්‍රමය සරල කිරීමටද කටයුතු කර තිබේ.

    බටහිර රටවල පොලී අනුපාත ඉතාමත් අඩු මට්ටමක තිබෙන නිසා එම රටවලින් පහසුවෙන් ලංකාවට ණය ලබාගත හැකි බවත් විදේශීය ණයදෙන ආයතනවල විශ්වාසය වැඩිකරමින් ඉදිරියේදී ලංකාවේ අයවැය හිඟය තවදුරටත් අඩුකිරීමට වත්මන් රජය ක්‍රියාකරනු ඇති බවත් හෙතෙම අවධාරණය කර ඇත.