නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා – ඉන්දියා මූල්‍ය සහයෝගයෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් යාපනයට

    October, 18, 2018

    තොරතුරු තාක්ෂණය මත පදනම් වූ ව්‍යවසායකයින් බිහි කරමින් නව රැකියා අවස්ථා හා ආදායම් මාර්ග උත්පාදනය කර උතුරු ප්‍රදේශයේ තිරසර සංවර්ධනයක් සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

    ඒ අනුව අපනයන වෙළඳපොළ කෙරෙහි ඉක්මණින් යොමු විය හැකි අන්දමින් වෘත්තීය සේවා ව්‍යාපාරවලට සහ ව්‍යවසායකයන්ට ඉතා පහසුවෙන් සහ පිරිවැය ඵලදායී අන්දමට සිය කාර්යාල ස්ථාපිත කර හැකි වන පරිදි අවශ්‍ය සේවා සැපයීම සඳහා නව ව්‍යවසායකයන් සවිබල ගැන්වීමේ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියානු රජයේ මූල්‍ය සහායද සහිතව යාපනය ප්‍රදේශයේ ස්ථාපිත කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.