නව සංචාරක ඇමති රවී?

    May, 1, 2018

    අද (01) දින සිදුකිරීමට නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී යළිත් වරක් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ද තනතුරක් ලැබීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මේ අනුව යහපාලන රජයේ නව සංචාරක අමාත්‍යවරයා ලෙසින් රවී කරුණානායක මහතා පත්වීමට ඉඩකඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

    යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතා 2017 මැයි මාසයේ දී එම තනතුරින් ඉවත් කොට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසින් පත්කෙරුණි.

    නමුත් ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන සැකකරුවන අර්ජුන් ඇලෝෂියස්ගේ කුළී ගෙවීම් මත කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක් ලබා ගැනීමේ චෝදනාව හමුවේ මාස 03 ක් ඉක්ම යෑමටත් මත්තෙන් විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉවත් වීමට ඔහුට සිදුවූයේ ආණ්ඩුව මෙන්ම එක්සත් ජාතික පක්ෂය තුළින් ම මතුව ආ විරෝධතා හමුවේ දීය.