නාඩුවලට උපරිම මිලක්. වැඩියෙන් වික්කොත් නඩු

    December, 27, 2017

    දේශීය සහ ආනයනික නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල කී නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

    මේ පිළිබඳ ගැසට් පත්‍රය ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුන නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රු. 74/- ක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

    ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට වඩා ඉහළ මිලකට වෙළෙඳාම් කිරීම, වෙළෙඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළෙඳාම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කර සිටී.