March, 16, 2022
ශ්‍රී ලංකාවේ ෆයිබර්ග්ලාස් බෝට්ටු හා යාත්‍රා නිෂ්පාදනය සහ සේවාවන් සම්බන්ධ ප්‍රමුඛතම සමාගමක් වන Neil Marine and Penthouse සමූහ ව්‍යාපාරයේ සභාපති තනතුර සහ එහි හිමිකාරීත්වය නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය වෙත හිමි වී තිබේ. මීට පෙර එම සමාගමේ හිමිකරු සහ සභාපති ලෙස කටයුතු කළේ ඒ මහත්මියගේ පියාණන් වන නීල් ප්‍රනාන්දු මහතා ය.
ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධියක් හිමිකරගෙන ඇති ප්‍රනාන්දු මහත්මිය, එක්සත් රාජධානියේ යුනිවර්සිටි ඕෆ් ලන්ඩන් වෙතින් LLB (QLD) ගෞරව උපාධියක් සහ යුනිවර්සිටි ඔෆ් වෙස්ට් ලන්ඩන් වෙතින් ජාත්‍යන්තර ව්‍යාපාර හා වාණිජ නීතිය සම්බන්ධයෙන් LLM ගෞරව උපාධියක් හිමිකරගෙන තිබේ. රැකියාවෙහි යෙදෙන අතරතුර එක්සත් රජධානියේ ලොයිඩ්ස් රෙජිස්ට්‍රාර් මගින් පවත්වනු ලබන QMS ලීඩ් ඔඩිටර් විභාගය මුම්බායි හිදී සමත් වූ එම මහත්මිය ඉන් අනතුරුව සමස්ත සමූහයේ ISO තත්ත්ව කළමනාකරණය සම්බන්ධ කටයුතු අධීක්ෂණය කළා ය.
“මගේ පියාණන්ගේ මගපෙන්වීම යටතේ අපගේ සමාගම හා එහි ව්‍යාපාර කටයුතු පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමටත්, අපගේ ශ්‍රී ලාංකික හා විදේශීය පාරිභෝගික සමග සමීප ව්‍යාපාරික සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත් මට අවස්ථාවක් ලැබුණා. අනෙක් අතට මගේ අධ්‍යයන කටයුතු තුළින්, විශේෂයෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාර ක්ෂේත්‍රය සහ ඊට අදාළ නීති හා ගිවිසුම් ආදිය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් හිමිකර ගැනීමට මට හැකි වූවා. මේ සියල්ල සමග, මගේ පියාණන්ගෙන් ලැබුණු උපදෙස් හා මගපෙන්වීම් ඔස්සේ, අපගේ සමාගම නව යුගයක් වෙත රැගෙන යාම මගේ බලාපොරොත්තුවයි. එම යුගය තුළදී අපගේ පාරිභෝගිකයන්ද හවුල් කරගෙන Neil Marine සමාගම වඩාත් ශක්තිමත් සමාගමක් බවට පත්කිරීමට අපට හැකියාව ලැබේවි. නීල් ප්‍රනාන්දු මහතා දැන් අප අතර නැතත්, ඔහුගේ දැක්ම හා මෙහෙවර Neil Marine and Penthouse සමාගම තුළ තවදුරටත් ජීවමාන බව අපගේ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට සහතික කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” නිල්මිණි කුමාරි ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.
1969 වර්ෂයේදී ආරම්භ වූ Neil Marine and Penthouse සමාගම දකුණු ආසියාවේ ෆයිබර්ග්ලාස් යාත්‍රා නිෂ්පාදනයේ ප්‍රමුඛයා ලෙස සැලකේ. මේ වනවිට එම සමාගම යාත්‍රා 40,000 ක් පමණ නිෂ්පාදනය කර ඇති අතර, ඉන් යාත්‍රා 2,000 ක් පමණ එක්සත් රාජධානිය, යුරෝපය, අප්‍රිකාව, ආසියාව සහ මැද පෙරදිග රටවල් වෙත අපනයන කර ඇත. Neil Marine සමාගම ධීවර බෝට්ටු, වාණිජ හා රාජකාරි බෝට්ටු, මගී යාත්‍රා, ආරක්ෂක හා නිරීක්ෂණ යාත්‍රා, සුඛෝපභෝගී මෝටර් යාත්‍රා සහ කටමරන් යාත්‍රා ඇතුළුව මීටර් 6 සිට මීටර් 35 දක්වා ප්‍රමාණයන්ගෙන් යුත් විවිධ වර්ගවල යාත්‍රා නිෂ්පාදනය කරයි. Neil Marine and Penthouse යනු ISO 9001:2008 සහතිකකරණය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි සමාගමකි. Lloyds Register of Shipping, Det Norske Veritas, American Bureau of Shipping සහ Indian Register of Shipping යන ආයතන වලද අනුමැතිය ලබා ඇති එම සමාගම, IACS (international association of classification societies) සහතිකකරණයද හිමිකරගෙන තිබේ.
මීට අමතරව තවත් ක්ෂේත්‍ර කිහිපයක ක්‍රියාත්මක වන සමාගම් කිහිපයක්ද Penthouse සමූහ ව්‍යාපාරය සතු ය. Suzuki අවුට්බෝඩ් මෝටර් සහ Doosan ඉන්බෝඩ් මරීන් ඩීසල් එන්ජින් සඳහා මෙන්ම, ලොව පිළිගත් Shell lubricants තෙල් නිෂ්පාදන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීම් නියෝජිතයන් වන්නේ එම සමූහයයි. මීට අමතරව පොලියුරතීන් ෆෝම් නිෂ්පාදන, මහන මැෂින් සහ ඇඟලුම් කර්මාන්තයේ සහය සේවාවන් ඇතුළු තවත් තවත් ක්ෂේත්‍ර රාශියක්ද එම සමූහයට අනුබද්ධ සමාගම් මගින් ආවරණය වේ.
Video Story