December, 6, 2021
විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට මුදල් එවීමේ දී නිල මාර්ග පමණක් යොදා ගන්නා ලෙසත්, නිල නොවන මාර්ගවලින් මුදල් ප්‍රේෂණය කිරීම දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිවිරෝධී කටයුතුවලට සහාය දීමක් බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
පසුගිය (04) දා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එලෙස නිල මාර්ග හරහා මුදල් එවීමේ දී ලබා දෙන රු. 10 ක අතිරේක වාසිය ද ඇතුළු ලබා ගත හැකි සියලු වාසි ලබා ගන්නා ලෙසයි.
අපි පිටරටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා, තමන්ගේ මුදල් මේ රටට එවද්දී නිල මාර්ග තෝරාගන්න, නිල මාර්ග තෝරා ගෙන කිසිම අවදානමක් නැතුව ඒ් මුදල් ශ්‍රී ලංකාවට එවීමෙන් තමන්ට ලබා ගත හැකි සියලුම වාසිත් ලබා ගන්න.
ඒත් එක්කම නිල නොවන මාර්ගවලින් මුදල් එවන කොට, සමහර විට ඒ මුදල් එවීම තුලින්ම විවිධ නීතිවිරෝධී කටයුතුවලට තමුන්, විවිධ ආකාරයට දැනුවත්ව හෝ නොදැනුවත්ව සහායක් ලබා දෙන නිසා ඒවායින් සම්පූර්ණයෙන්ම වැළකී සිටින්නත් කියලා අපි ඉල්ලා සිටිනවා.
මෙම කාලය තුළ දී රු. 10 ක මුදලක් වැඩිපුර ලබා දීම පිළිබඳව ඒ වාසියත් ලබාගෙන, තවත් ඉදිරි කාලයේ දීත් තියෙන වාසි ලබාගෙන තමන්ගේ ඒ සේවය රටට ලබාදීම පිළිබඳව බොහොම ස්තුති වන්ත වෙනවා.
Video Story