නිවාඩ් කබ්රාල් සහ නාලක ගොඩහේවා තනතුරු වලින් සමුගනී

    January, 9, 2015

    මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ජනවරමකින් නව විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මීට අමතරව, සුරැකුම් පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරය දැරූ ආචාර්ය නාලක ගොඩහේවා මහතාද එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.

    නව ජනාධිපතිවරයාට මෙම තනතුරු වලට අළුතින් පත්කිරීම් කිරීමට ඉඩ සලසමින් මෙම ඉල්ලා අස්වීම් සිදුකර තිබේ.