නිශ්චල දේපල හා තක්සේරුකරණ ආයතනය සංස්ථාපනය කිරීමට අනුමැතිය

    June, 14, 2017

    දේපළ සහ තක්සේරුකරණ ආයතනයේ අරමුණු වඩා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස එම ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

     

    දේපළ කළමනාකරණය, අලෙවිකරණය, සංවර්ධනය, ආයෝජනය හා තක්සේරුකරණය යන ක්ෂේත්‍රයන්ට අවධානය යොමු කරමින් දේපළ කර්මාන්තයට අදාළ වෘත්තීයමය ප්‍රවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් දේපළ සහ තක්සේරුකරණ ආයතනය 2001 වර්ෂයේදී පිහිටුවා ගෙන ඇති අතර, එය සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත.