නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

    March, 18, 2024

    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 56.0ක් වාර්තා කරන ලදී.  මෙම වර්ධනය සඳහා සියලුම  උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය.

    නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය. මෙහිදී, එළඹෙන උත්සව සමයේ අපේක්ෂිත ඉල්ලුම සඳහා සිය නිෂ්පාදන සූදානම් කරමින් පවතින බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී. කෙසේ වුවද, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන පෙර මාසයට සාපේක්ෂව අඩු විය. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී. තවද, නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යාම සහ රතු මුහුදේ නැව් ගමනාගමනයට තවදුරටත් සිදුවන බාධා හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙබරවාරි මාසයේ දී ද ඉහළ යන ලදී.