නිසාන්, නවතම මෝටර් රථ සංකල්පය එළිදැක්වීමට යයි

    March, 21, 2014

    ලොව සුප්‍රකට ජපාන මෝටර් රථ සමාගමක් වන නිසාන් නවතම සංකල්පයකට අනුව නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථයක් 2014 බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වීමට සූදානම් වේ.

    බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය ලබන අප්‍රේල් 20 වනදා පැවැත්වෙන අතර නිසාන් එළිදැක්වීමට යන මෝටර් රථය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටයක් මේ වනවිට අන්තර් ජාලය හරහා ප්‍රදර්ශනය කර තිබේ.

    මෙම සුපිරි මෝටර් රථයේ ප්‍රධාන ලාම්පු නිමවා තිබෙන්නේ බූමරංගයක හැඩ හුරුව අනුවයි.

    මෙම මෝටර් රථය එළිදැක්වීමට පෙර නිසාන් විසින් අන්තර් ජාලයට එක්කර තිබෙන පූර්ව ප්‍රචාරක පටය මෙන්න.