නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගෙන්වූ යතුරුපැදි ලියාපදිංචි සහන කාලය දීර්ඝ කෙරේ

    February, 15, 2017

    රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීමකින් තොරව, නීත්‍යනුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කරනු ලැබ ඇති, එන්ජින් ධාරිතාව 450cc දක්වා වන යතුරුපැදි, එන්ජිමේ ඝන ධාරිතාව අනුව අදාළ අය භාරයන් අය කරගැනීමට යටත්ව 2017 01 31 දින දක්වා ලියාපදිංචි කි‍රීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී. මෙම කාලය තුළ නියමිත අය භාරය ගෙවා යතුරුපැදි 1558ක් ලියාපදිංචි කර ඇති අතර, තවත් යතුරුපැදි 2500ක් පමණ පරීක්ෂාවට යොමු කිරීමට ඉල්ලුම් කර ඇත.

    ඒ අනුව, එම යතුරුපැදි ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු නිසි ලෙස අවසන් කිරීමට හැකියාව ලැබෙන පරිදි, යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබූ සහන කාලය 2017 01 31 දින සිට 2017 03 31 දින දක්වා තවත් මාස දෙකක (02) කාලයක් සඳහා දීර්ඝ කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.