නීරෝගී දිවි පෙවෙතක් සඳහා Revello ෂුගර් ෆ්‍රී චොක්ලට්

    March, 27, 2017

    ලොව උසස්ම චොක්ලට් රසය කැටිකරගත් සීනි රහිත චොක්ලට් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදීමට සිලෝන් බිස්කට්ස් සමාගම (CBL) පියවර ගෙන තිබේ.

    ඒ නවතම Revello sugar free dark චොක්ලට් මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වා දීම මගිනි.

    සීනි රහිත චොක්ලට් මේ වනවිට බොහෝ දෙනාගේ අවධානය දිනාගත් චොක්ලට් විශේෂයකි. අඛණ්ඩ පර්යේෂණ හා අත්හදා බැලීම් රැසකින් අනතුරුව Revello sugar free dark චොක්ලට් වෙළෙඳපොළට හඳුන්වාදී ඇත්තේ අනර්ඝ රසයකින් හා ගුණයකින් යුතුව ය. එනිසාම වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ප්‍රියකරන චොක්ලට් රසකාමීන් වෙත ඉතා ඉහළ තෘප්තියත් හිමිකරදීමට සමත්වනු ඇතැයි සමාගමේ විශ්වාසය වේ.

    සෞඛ්‍යයටත් හිතකර, රසයටත් හානියක් නොවන සීනි රහිත ප්‍රණීතකාරක භාවිතය අද වනවිට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතී. සෞඛ්‍ය ගැන මෙන්ම රසය ගැන ද සැළකිලිමත් පාරිභෝගිකයන්ට හොඳින් ගැලපෙන ලෙස Revello sugar free dark චොක්ලට් නිපදවන්නේ සීනි රහිත ප්‍රණීතකාරක භාවිත කරමිනි.

    “අද වනවිට පාරිභෝගිකයන් සීනි භාවිතයෙන් බොහෝදුරට ඈත් වෙමින් සිටිනවා. Revello sugar free dark කියන්නේ උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන සෑදු අපේ Revello චොක්ලට් නිෂ්පාදන පෙළේ අලුත්ම නිෂ්පාදනයයි. මෙහි විශේෂත්වය තමයි, සෞඛ්‍යය ගැන කිසිදු බියකින් තොරව නියම චොක්ලට් රසවිඳීමේ අවස්ථාවක් පාරිභෝගිකයන්ට හිමිවීම”යැයි සිලෝන් බිස්කට්ස් සමාගමේ සමූහ සාමාන්‍යාධිකාරී (අලෙවි) තේජා පීරිස් මහත්මිය පැවසුවාය.

    “ආනයනික සීනි රහිත ඩාක් (dark) චොක්ලට් ඉතා මිල අධිකයි. සීනි රහිත විදෙස් චොක්ලට් අපේ වෙළෙඳපොළේ ඇත්තේත් නැහැ. ඉතින් සිලෝන් බිස්කට්ස් සමාගමේ Revello sugar free dark චොක්ලට්, එවැනි මිල අධික නිෂ්පාදන මිලදීගැනීමට අපහසු දේශීය පාරිභෝගිකයන්ට දැරිය හැකි මිලකට ලබාගත හැකිවෙනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දැක්වූවාය.

    “අපේ පාරිභෝගිකයන් අතර අඩු කැලරි ප්‍රමාණයක් රැගත් සීනි රහිත උසස් තත්ත්වයේ චොක්ලට් නිෂ්පාදන වෙනුවෙන් ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ ඉල්ලුම සපුරාලීමටත් අපට මේ සමඟ හැකියාව ලැබුණා” යනුවෙන් CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු මාධව සේනානයක මහතා පැවසීය.

    විද්‍යාත්මක අධ්‍යයන තුළින් ද චොක්ලට් ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය හිතදායී ප්‍රතිඵල ගැන සහතික කරගෙන ඇතත් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳ දැනුවත්භාවයක් නොමැත. එවැනි අධ්‍යයනවලදී අවම කැලරි ප්‍රමාණයකින් යුතු සීනි රහිත චොක්ලට්වල ගුණය පිළිබඳ විශේෂයෙන් වාර්තා වී තිබේ. එනම් සීනිවලට වඩා වැඩියෙන් කොකෝවා අන්තර්ගතවීම හේතුවෙන් ඩාක් (dark) චොක්ලට් වඩාත් සෞඛ්‍යයට හිතකරවේ. මෙනිසා නීරෝගීමත් දිවි පෙවෙතක් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන හා දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට Revello sugar free dark හොඳින් ගැලපේ.

    එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පිරිමි ශිෂ්‍යයින් 8,000කගේ සහභාගීත්වයෙන් සිදුකළ අධ්‍යයනයකදී චොක්ලට් ආහාරයට ගනු ලබන්නන්ගේ ආයුකාලය ඉහළ යන බව තහවුරු කරගෙන තිබේ. එලෙස සනාථ වී ඇති තවත් කරුණක් වන්නේ, චොක්ලට් නිෂ්පාදනයට යොදාගන්නා කොකෝවා, ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් බව ය. එනිසා රුධිර ඝනත්වය අඩු කරමින් හෘදයාබාධ වළක්වාලීමට කොකෝවා මගින් ඉහළ දායකත්වයක් සපයන බව හෙළිවී ඇත. රුධිර පීඩනය අඩු කිරීමේ හැකියාව සහිත නයිට්‍රික් අම්ලය ද කොකෝවාවල අඩංගු වේ.

    චොක්ලට් සතු යකඩ ප්‍රතිශතය ද ඉහළ මට්ටමක පවතී. මුහුදු පැළෑටි හැරුණුවිට වැඩිම මැග්නීසියම් ප්‍රතිශතයක් අඩංගු ආහාර වර්ගය වන්නේ ද චොක්ලට් ය. පර්යේෂකයන් පෙන්වා දෙන ආකාරයට දිනකට සීනි රහිත චොක්ලට් අවුන්සයක් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් හිමිවේ. අනෙක් අතට එය දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් වැඩිවීම ආදී රෝග සහිත අයට ද සුදුසු ය.

    සෞඛ්‍යමය ප්‍රතිලාභ ද ගෙනදෙන Revello sugar free dark චොක්ලට් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සකස් කෙරේ. එය රසයට නොදෙවෙනි උසස් පෙනුමකින් ද යුතුව හඳුන්වා දී ඇති අතර දිවයින පුරා සුපිරි වෙළෙඳසැල් හා ප්‍රධාන පෙළේ ග්‍රොසරි සියල්ලකින්ම ලබාගත හැකිය. Revello sugar free dark ග්‍රෑම් 50 චොක්ලට් එකක මිල රුපියල් 170ක් පමණි.