නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නොමිලේ සහ මුදල් ගෙවා සේවා ලබාගැනීමේ පහසුකම් ද්විත්වයම

    September, 12, 2019

    මීට පෙර නෙවිල් ප්‍රනාන්දු රෝහල හඳුන්වනු ලැබූ නැ‍ඟෙනහිර කොළඹ ශික්ෂණ රෝහල, අර්ධ රාජ්‍ය පරිපාලන ඒකකයක් වශයෙන් නිදහස් සහ මුදල් ගෙවන පදනම මත සේවා සපයන "මිශ්‍ර සේවා ආකෘතියක්" ලෙසින් ක්‍රියාත්මක කිරීමටත් සහ එම රෝහල මඟින් සිදු කරනු ලබන වෛද්‍ය අධ්‍යාපනයට අදාළ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත් පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.