නේපාලයේ චෞද්‍රිලාත් අපේ සංචාරක කර්මාන්තයට එක්වෙයි

    August, 29, 2014

    බෙන්තොට සර්ෆ් හෝටලය, තිස්සමහාරාමයේ සෆාරි හෝටලය ඇතුළු හෝටල් 05 ක සහ තානායම් 13 ක අයිතිය හිමි Ceylon Hotels Corporation PLC සමාගම නේපාලයේ සුප්‍රසිද්ධ චෞද්‍රි ව්‍යාපාරික හවුලට අයත් දැවැන්ත සමාගම් සමූහයක් සමග එක්ව නව සංචාරක සමාගමක් ඇරඹීමට ගිවිසුමකට එළඹෙයි.

    මෙම ගිවිසුමට අනුව Ceylon Hotels Corporation PLC සමාගම විසින් Ceylon Holidays Holdings (Pvt) නමින් නව ඒකාබද්ධ සමාගමක් ආරම්භ කර තිබෙන අතර මෙම නව සමාගමේ සියයට 50 ක් වන කොටස් රුපියල් මිලියන 250 ක් ආයෝජනය කරමින් නේපාලයේ Cinnovation සමූහයට අයත්වන Zinc Hospitality Lanka (Private) Limited සමාගම විසින් මිලදී ගනු ඇත.

    Ceylon Hotels Corporation PLC සමාගමට අයත් තානායම් කළමනාකරණය කරන CHC Rest Houses (Pvt) Ltd යන සමාගම අයත් වන්නේ මෙම ඒකාබද්ධ නව සමාගම වන Ceylon Holidays Holdings (Pvt) යන සමාගමටයි.

    මෙම නව ගිවිසුමට අනුව මෙම සමාගම් දෙක විසින් ඉදිරියේදී මෙම තානායම් නවීකරණය කිරීමටද ගිවිසගෙන ඇත.