නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් වෙතින් අවුරුදු සමයේ වාසි රැසක්

    March, 25, 2019

    මෙවර අලුත් අවුරුදු සමයේදීත් සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් වාසි, දීමනා හා පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු ප්‍රතිලාභ රාශියක් පිරිනැමීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සූදානමින් සිටී. අප්‍රේල් මාසයේ අවසානය තෙක් මෙම ප්‍රතිලාභ ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

    මෙම වසරේදී අලෙවිසැල් හා වෙනත් ව්‍යාපාර 300 කට අධික සංඛ්‍යාවක් මෙම දීමනා පිරිනැමීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සමග එක්වී සිටී. ඒ අනුව ඇඳුම් පැළඳුම්, නිවසට අවශ්‍ය භාණ්ඩ හා සංචාර ඇතුළුව බොහෝ දේ සඳහා පුළුල් පරාසයක පැතිරුණු ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඞ්පත් ප්‍රධානී නිලූක ගුණතිලක මහතා මෙසේ පැවසී ය. “අලුත් අවුරුද්දේ සතුට සැමරීම සඳහා නෑදෑ හිතමිතුරන් කවුරුත් පාහේ එක සිතින් එකතු වෙනවා. වසරේ කවදාටත් ගැළපෙන වාසි පිරිනමන කාඩ්පතක් වන නේෂන්ස් ට්‍රස්ට් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් මෙවරත් රටේ ප්‍රමුඛතම අලෙවිසැල් හා අනෙකුත් ව්‍යාපාර සමග අත්වැල් බැඳගෙන සිටින්නේ අලුත් අවුරුද්දේ හොඳම වාසි ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමටයි. ඒ අනුව ඇඟලුම්, ආහාරපාන, හෝටල්, ආභරණ, ළමා ඇඳුම්, සෙල්ලම් බඩු, සංචාරක සේවා, සුපිරි වෙළඳසැල් ඇතුළු ස්ථාන රැසකදී ඉතුරුම් මෙන්ම පහසු ගෙවීමේ ක්‍රම පිරිනැමීමට අප සැලසුම් කර තිබෙනවා. හෝටල්, තානායම් සහ ආපනශාලා රැසකදීත් මේ දීමනා පිරිනැමෙන නිසා කාඩ්පත් හිමියන්ට මේ උත්සව සමයේ පවුලේ අයත් සමග එක්වී අර්ථවත් විවේකයක් ගතකිරීම වඩාත් පහසු වේවි. මේ ආකාරයට ගනුදෙනුකරුවන්ට වියදම් අතින් සහනයක් ලබාදීම ඉතාම කාලෝචිත පියවරක් කියා අප විශ්වාස කරනවා.

    මෙම දීමනා පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා කරුණාකර www.americanexpress.lk සහ  www.nationstrust.com  වෙත පිවිසෙන්න. හරහාද නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අලුත්ම දීමනා හා ප්‍රවර්ධන වැඩසටහන් ආදිය සම්බන්ධයෙන් ක්ෂණිකව තොරතුරු දැනගත හැකි අතර iOS සහ Android සඳහා එම app එක ලබාගත හැකි වේ.

    'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30  අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 94 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 135 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 46 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.