January, 28, 2019
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ නෝර්වේ සාගරික පර්යේෂණ ආයතනය (IMR) ආචාර්ය ෆ්රිජොෆ් නැන්සන් නමැති නෝර්වේ පර්යේෂණ යාත්‍රාව 2018 වසරේ ශ්‍රී ලංකාවේ සිදු කළ සමීක්ෂණයේ ප්‍රධාන පර්යේෂණ සොයා ගැනීම් එළි දැක්වීම සඳහා උත්සවයක් පැවැත්වූයේ ය.
2018 ජූනි 23 සිට ජුලි 16 දක්වා කාලය තුළ දී ආචාර්ය ෆ්රිජොෆ් නැන්සන් නමැති නෝර්වේ පර්යේෂණ යාත්‍රාව ශ්‍රී ලංකාවේ වෙරළාශ්‍රිත ජලය පිළිබඳ පරිසර පද්ධති සමීක්ෂණයක් සාර්ථක ලෙස නිම කළේ ය. මෙම සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) නෝර්වේ සාගරික පර්යේෂණ ආයතනයේ සමීප සහයෝගය ඇතිව සහ නෝර්වීජියානු සංවර්ධන සහයෝගිතා ආයතනයේ (නොරාඞ්) අරමුදල් සම්පාදනයෙන් යුතුව ක්‍රියාත්මක කළ EAF -නැන්සන් වැඩසටහනේ කොටසක් විය. ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ කළමනාකරණය වැඩි දියුණු කිරීමට තාක්ෂණික සහාය සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍යය ඇති කර ගත් ද්විපාර්ශ්වීය ගිවිසුමේ ප්‍රතිඵලයක් වන මෙම සමීක්ෂණය ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ට සහ පශ්චාත් සමීක්ෂණ දත්ත විශ්ලේෂකයන්ට පුහුණුවක් ලබා දුන්නේ ය.
පසු ගිය වසරේ සිදු කරන ලද මෙම සමීක්ෂණයේ අභිමතාර්ථය වූයේ මෙම සමීක්ෂණය මගින් ශ්‍රී ලංකාවට අනාගතයේ දී රටේ ධීවර සම්පත් කළමනාකරණය කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි යාවත්කාලීන දත්ත සම්පාදනය කළ යුතු ය යන අපේක්ෂාව ඇතිව ශ්‍රී ලංකාව වටා සාගරික සම්පත් සමීක්ෂණයක් සිදු කිරීම යි. පර්යේෂණයේ සොයා ගැනීම් සාදරයෙන් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නෝර්වේ තානාපති ගරු Thorbjørn Gaustadsæther මහතා ප්‍රකාශ කළේ සාගරය සම්බන්ධ ද්විපාර්ශ්වීය සහයෝගිතාවන්ට සහ සිය මත්ස්‍ය සම්පත වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන පරිදි දත්ත පදනම් කර ගෙන සාගරික සම්පත් කළමනාකරණය කිරීමට ශ්‍රී ලංකාවට උදව් කිරීමට නෝර්වේ රාජ්‍යය කැප වී සිටින බව යි.
තානාපති Gaustadsæther මහතා සාගර හා ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගත හැකි වන පරිදි මෙම පර්යේෂණයේ සොයා ගැනීම් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ අනෙක් ශ්‍රී ලාංකික පාර්ශ්වකරුවන් සමග බෙදාහදා ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා සාගර, මුහුදු හා සාගරික සම්පත් සුරැුකීම හා තිරසර ලෙස යොදා ගැනීම පිළිබඳ 14 වන තිරසර සංවර්ධන පරමාර්ථයේ (SDG 14) වැදගත්කම ද ඔහු නැවත නැවතත් පෙන්වා දුන්නේ ය. ශ්‍රී ලංකාවේ ත්්ධ නියෝජිත නිනා බ්රැන්ඞ්ස්ට්රප් මෙණෙවිය මෙසේ පැවසුවා ය: ”ශ්‍රී ලංකාව තුළ මෙම වැඩසටහන සාර්ථක ලෙස නිම කිරීම ආහාර හා කෘෂිකර්ම සංවිධානය, නෝර්වේ රජය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දීර්ඝ කාලීන සම්බන්ධතාව පිළිබඳ සාක්ෂියක්. මෙම සමීක්ෂණයේ සොයා ගැනීම් දේශගුණික විපර්යාසය හා පරිසර දූෂණය වැනි වර්ධනය වන පීඩනයන් මධ්‍යයේ ධීවර සම්පත්වල තිරසර කළමනාකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමේ දී ආහාර හා කෘෂිකර්ම සංවිධානයට වැදගත් මූලික පදනමක් බවට පත් වේවි.”
ආචාර්ය ෆ්රිජොෆ් නැන්සන් පර්යේෂණ යාත්‍රාවේ සංචාරය 1971 වසරේ පටන් විශේෂයෙන් ම ධීවර ක්ෂේත්රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පැවතී ගෙන එන දීර්ඝ කාලීන සංවර්ධන සහයෝගිතාව අවධාරණය කිරීම සඳහා ද අවස්ථාවක් විය. ශ්‍රී ලංකාව සමග පවත්නා නෝර්වීජියානු ධීවර සහයෝගිතාව ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම, පර්යේෂණය හා අධ්‍යාපනය සහ පෞද්ගලික අංශයේ සංවර්ධනය යන පැතිකවලින් සමන්විත වේ. 2013 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ දී මෙම ක්‍රියාකාරකම් සඳහා NOK මිලියන 11.1ක් (ආසන්න වශයෙන් එ.ජ.ඩො. මිලියන 1.3ක්) වැය කර ඇත.
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු පී. හැරිසන් මහතා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලිප් වෙදආරච්චි මහතා ද අවශ්‍ය කළමනාකරණ තීන්දු ගැනීම සඳහා සම්පත් සමීක්ෂණයේ හා එහි සොයා ගැනීම්වල වැදගත්කම පෙන්වා දුන්නේ ය.
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා, IMR, NARA ආයතනවල සහ ශ්‍රී ලංකා ජාතික ජලජ සම්පත් සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් සහ වෙනත් රජයේ නිලධාරීහු රැුසක් මෙම උත්සවයට සහභාගි වූහ.
ඡායාරූපය : ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නෝර්වේ තානාපති අතිගරු මහතා ප්රාරම්භක යාත්‍රා පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධ කළ අවස්ථාවේ රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින්
Video Story