පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයි

    April, 2, 2018

    පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර තිබේ.

    මේ අනුව යම්කිසි සේවකයෙකු විසින් මාසිකව ලබන ලාභය රුපියල් 100,000 සීමාව දක්වා බදු නිදහස් වන අතර ලක්ෂයේ සිට එක් එක් අදියරයන් සඳහා පහත දක්වා ඇති පරිදි Paye බදු ගෙවීම ගණනය කරනු ඇත.

    මීට අමතරව සේවකයාගේ ලාභය යන්නට ඔහුට ආයතනයෙන් හිමිවෙන දුරකථන දීමනා, නිවාස කුලී දීමනා, විනෝදාස්වාද දීමනා ආදිය ද අන්තර්ගත වේ.

    මෙහිදී සේවකයෙකු ලබන ලාභය යන්නට වැටුප්, වේතන, කොමිස්, අතිකාල, ප්‍රවාහන දීමනා, ඇතුළු අදාළ කාලපරිච්ඡේදය තුළ දී සේවකයා ලද සියලුම ලැබීම් අන්තර්ගත වේ.

    මේ පිළිබඳ දළ සටහනක් පහත දැක් වේ.

    එක් එක් වැටුප් මට්ටම්වල දී Paye බදු ගෙවීම ගණනය වන ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි පහත සඳහන් පිටුව වෙත පිවිසීමෙන් දැන ගත හැකිය.

    http://www.ird.gov.lk/si/publications/PAYE%20Tax%20Tables/2018-2019/Table%20%E2%80%93%201/Table%201%20-%20Tax%20Table%2001.pdf