පර්පචුවෙල් ට්‍රෙෂරීස්ට දිව්‍ය ඥානය ලැබුණේ කෙසේදැයි හඳුන්නෙත්ති ප්‍රශ්න කරයි VIDEO

    December, 6, 2016

    මහ බැංකුවට බිලියනයක් අවශ්‍යව තිබිය දී යම් ප්‍රාථමික අලෙවිකරුවෙකු බිලියන 15 ක ලංසු තැබීමක් කරන්නේ නම් එය අසාමාන්‍ය බව කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඊයේ (05) TV දෙරණ හි විකාශය වූ 360 දේශපාලන සාකච්ඡාව සමග එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසීය.

    “මහ බැංකුවට 1000 ක් දාලා බැලුවාම, ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව කිව්වා අපි ගමු මිලියන 2,600 ක් විතරක් වෙන්දේසියෙන්. ඉතුරු ටික ගමු අපි සෘජු ක්‍රමයට. මහ බැංකුවේ අවශ්‍යතාවය තිබුණේ බිලියන 13.3 යි. බිලියනයක් දාලා බැලුවා, වෙන්දේසිකරුවෝ අතර සල්ලි කොච්චරක් තියෙනවාද කියලා. මහ බැංකුව ගන්න ඕනේ ඇත්තටම 2.6 ක් වෙන්දේසියෙන්, ඉතුරු ටික සෘජු ක්‍රමයෙන්.“

    “මම වගකීමෙන් කියනවා, එදා මහ බැංකුවට අවශ්‍ය නම් තිබුණා, අර්ථ සාධක අරමුලෙන් මේ ඉතුරු ටික ගන්න. අර්ථ සාධක අරමුදලේ එදා දවසේ තිබුණා, මහ බැංකුවට දෙන්න බිලියන 6 ක්. බිලියන 6 අර්ථ සාධක අරමුදලෙන් සෘජුව මහ බැංකුව ගත්තා නම්, ඒ බිලියන 6 යි, වෙන්දේසියෙන් 2.6 යි, 8.6 යි. ඉතුරු 4.4 යි. ඒ ප්‍රමාණය ඕනේ නම් අනිත් කට්ටියගෙන් සෘජුව ගන්න තිබුණා. එතකොට මේ මුළු වෙළෙඳපොළේම පොළිය ඉහළ නගින්නේ නැහැ. 12.6 ට යන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ ගනුදෙනුවේ තියෙන ඇත්ත මූල්‍ය වංචාව. ඒ දේ කරන්න, වගකීමෙන් අපි කියනවා, පර්පචුවෙල් ට්‍රෙෂරීස්ට දිව්‍ය ඥානය ලැබුණේ කොහොමද?“

    “වෙන්දේසිය අවසන් වීමට තිබූ අවසාන විනාඩි 5 ක කාලය දීර්ඝ කරමින්, අවසාන විනාඩි 8 දි පමණ මුළු බැඳුම්කර ගනුදෙනුවෙන් 75% ක් ඔවුන් කොහොමද ලංසු තිබ්බේ? ඒකට ලංකා බැංකුව යොදා ගත්තේ කොහොමද? මේවා ලකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට සිදුවුණු දේවල්.“

    පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ කළ 360 සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=IgEq88ViQUE