පරිසරයේ සුන්දරත්වය සමග යා වන ‘Botanica’ විලාසිතා පෙළ ODEL හඳුන්වා දෙයි

    September, 11, 2017

    ලෝකය පුරා විලාසිතා නිර්මාණ කරුවන් ස්වභාව ධර්මයේ සුන්දරත්වය තේමාකර ගනිමින් නිර්මාණය කරන විචිත‍්‍රවත් විලාසිතා නියෝජනය කරන එකතුවක් ODEL විසින් සිය නවතම විලාසිතා එකතුව ලෙස එළිදක්වා තිබේ.

    ස්වභාව ධර්මයේ රටාවන් විදහා දැක්වෙන මෙම නව නිර්මාණ එකතුව සඳහා ලෝකයේ හොඳම විලාසිතා නිර්මාණකරුවන් ලෙස කීර්තියක් උසුලන Balmain, Gucci, Valentino, Prada, Elie Saab සහ Jason Wu යන විලාසිතා නිර්මාණකරුවන්ගේ ආභාශය ලැබී ඇති අතර මෙම විලාසිතා නිර්මාණ එකතුව නම්කර තිබෙන්නේ ‘Botanica’ යනුවෙනි. මෙම තේමාවට අනුව ODEL විලාසිතාගාරය මේ වනවිට ඉතාමත් මනහර අයුරින් සැරසීමට කටයුතු යොදා ඇත. මෙම විලාසිතා නිර්මාණය කිරීම සඳහා crepe, matte satin silk, tweed, organza, chiffon, fennel, georgette සහ corduroy ඇතුළු රෙදිපිළි වර්ග යොදාගෙන තිබේ.

    මෙම විලාසිතා එකතුවට මල්, පැළෑටිල භූමිදර්ශණල පරිසරයේ සුන්දරත්වය, කෘමීන් සහ අනිකුත් සතුන් තේමාකර ගෙන තිබෙන අතර තාක්ෂණය එක්කරමින් එහි සුන්දරත්වය තව තවත් වැඩිකර ඇත. මේ සඳහා Khaki green, orange, brown, grey, dark blue, white, beige සහ අනිකුත් මිහිකත වර්ණයන් යොදාගෙන තිබෙන අතර දේශීයත්වයට ගැලපෙන පරිදි මෙම විලාසිතා එකතුව තෝරාගෙන තිබීම කැපී පෙනේ. මෙම විලාසිතා එකතුවට කදිමට ගැලපෙන පරිදි ශාඛ පත‍්‍ර මුද්‍රණයන්, කෘමීන් සහ මල් හැඩතල මගින් හැඩවැඩ වූ ආභරණ එකතුවක්ද ODEL විසින් හඳුන්වා දී තිබෙන්නේ විලාසිතා වලට ලැදි පාරිභෝගිකයින්ට මෙම නව විලාසිතා එකතුව වඩාත් අර්ථවත් කිරීම සඳහායි.

    “ගෝලීය විලාසිතා කර්මාන්්තය පරිසරයේ තිබෙන සුන්දරත්වය තම නිර්මාණ සමඟ වඩ වඩාත් මුසු කිරීමට දරන ප‍්‍රයත්නය මෙම Botanica විලාසිතා එකතුව මගින් විදහා දක්වනවා” යනුවෙන් මෙම විලාසිතා එකතුව පිළිබඳව අදහස් දක්වමින් ODEL විලාසිතා අලෙවිසැල් ජාලයේ හිමිකාරීත්වය දරන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ සමූහ අලෙවිකරණ අධ්‍යක්ෂ, ඩෙසිරේ කරුණාරත්න මෙනෙවිය සඳහන් කළාය. ‘තිරසාර යුගයක් තුළ විලාසිතා සන්නාමයක් වන්නේ කෙසේදැයි ODEL ලෙස අපිත් ගැඹුරින් සලකා බලමින් සිටිනවා. මෙම Botanica විලාසිතා එකතුව හරිත විලාසිතාකරණය, තිරසාරත්වය සහ පාරිසරික සුරක්ෂිතභාවය පිළිබඳ හොඳ උදාහරණයක්.’

    සෑම අවස්ථාවකදීම මෙන් ODEL ගිම්හාන විලාසිතා එකතුව දිවයින පුරා පිහිටි ODEL විලාසිතා අලෙවිසැල් වලින් සියළුම වයස් කාණ්ඩයේ කාන්තාවන්ට සහ පිරිමින්ට ගැලපෙන පරිදි විවිධ ප‍්‍රමාණ වලින් මිලදීගත හැකි අතර මෙම විලාසිතා වලට ගැලපෙන පරිදි සපත්තු, බෑග් සහ අනිකුත් විලාසිතා ආයිත්තම්ද ODEL වෙතින් මිලදීගත හැකිය.

    ODEL විලාසිතා ජාලයේ ප‍්‍රමුඛතම අලෙවිසැල කොළඹ ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටා තිබෙන අතර මැජෙස්ටික්සිටි, ක්‍රෙස්කැට්, නුගේගොඩ, කොහුවල, තලවතුගොඩ, ගල්කිස්ස, මොරටුව, පානදුර, බත්තරමුල්ල, වත්තල, ජා-ඇල (කේ-සෝන්), කිරිබත්ගොඩ, කළුබෝවිල (ODEL Home), කැන්ඩි සිටි සෙන්ටර් යන ස්ථානවල පිහිටි අලෙවිසැල් සහ කොළඹ ඩච් හොස්පිට්ල්්, ක්‍රෙස්කැට්, බෙන්තොට සෙන්ටාරා සීසෑන්ඞ්ස් රිසෝට් ඇන්ඞ් ස්පා, ගාලූ කොටුව, මහනුවර ක්වීන්ස් හෝටලය, මීගමුව, පින්නවල සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ස්ථානවල පිහිටා තිබෙන ‘Luv SL’ අලෙවි සැල් වලින් ODEL ශාඛා ජාලය සමන්විත වේ.