පවුලේ අනාගතය හැඩගැස්වීමට සුවිසල් දායකත්වයක් ලබා දෙන ඔබේ දෑත්වලට උපහාර පුද කරන කෝමාරිකා සංයෝගය සහිත නව සර්ෆ් එක්සෙල්

    June, 20, 2018

    ඔබේ දෑත ඔබේ පවුලේ සාමාජිකයින් සුරැුකීමටත් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීමටත් සුවිශේෂී සහයෝගයක් ලබා දෙයි. නිවසේ දෛනිකව සිදුවෙන කර්තව්‍යයන් අතර විශේෂයෙන්ම රෙදී සේදීමේදී වැඩි කාලයක් ජලය සමග ගැටීමෙන් ඔබේ දෑත්, රළු භාවයට සහ වියළී භාවයට පත්වෙයි.

    දෑතේ සුමුදු බව රැුක දෙමින් පැල්ලම් ඉවත්කිරීමේ හැකියාවක් තිබෙන රෙදි සේදුම් කුඩු වර්ගයක් තිබේ නම් ඔබේ රෙදී සේදීමේ කටයුතු වඩාත් පහසු වනු ඇත. මෙම අවශ්‍යතාවය මැනවින් හªනාගත් යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගම කෝමාරිකා අඩංගු සිය නවතම සර්ෆ් එක්සෙල් රෙදි සේදුම් කුඩු වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ මේ නිසාමය. රෙදි සේදීමේදී ඩිටර්ජන්ට් වලින් දෑත්වලට විය හැකි හානි අවම කරන කෝමාරිකා සහිත නවතම සර්ෆ් එක්සෙල් නිෂ්පාදනය සැබැවින්ම විශිෂ්ට නිපැයුමකි.

    සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පෙළට කෝමාරිකා සාරය මුසුකිරීම පිළිබඳව අදහස් දක්වමින් යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ සර්ෆ් එක්සෙල් සන්නාම කළමනාකාරිනී අබිතා පද්මනාදන් මෙනවිය මෙසේ පවසා සිටියාය, ”කෝමාරිකා කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාවෙන් සමන්විත ඖෂධයක්. විශේෂයෙන්ම සමේ පිළිස්සුම් නිසා ඇතිවන ආසාත්මිකතාවයන් ගෙන් සහනයක් ලැබීමට කෝමාරිකා වලින් විශාල සහයෝගයක් ලැබෙනවා. කෝමාරිකා සමග එන අපේ නවතම සර්ෆ් එක්සෙල් පාරිභෝගිකයාගේ දෑත් සුරකින බවට අප විශ්වාස කරනවා . රෙදි සේදීමේ කාර්යය වඩාත් පහසු කිරීමත් දෑතේ සුමුදු භාවය සුරැුකීමත් යන ප‍්‍රතිලාභයන් දෙකම මෙයින් එකවර ලැබෙනවා. කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල්, නිවසේ සුවිසල් කාර්යභාරයක් ඉටුකරන දෙමව්පියන්ıගේ දෑත් වෙනුවෙන් පුද කරන උපහාරයක් යැයි කීම වඩාත් නිවැරදිය.”

    කොළ සහ නිල් වර්ණයෙන්් සමන්විත ඇසුරුම්වලින් පැමිණෙන කෝමාරිකා සහිත නව සර්ෆ් එක්සෙල් නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සියලූම වෙළෙඳසැල් වෙතින් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.