පහළට වැටුණු අපනයන යහපාලන රජය යටතේ ඉහළට

    June, 20, 2017

    අපනයන සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කර වසර 2020 දී අපනයන සංවර්ධනයක් රටට අත්කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවත් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තරවෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය මෙන් ම ආනයන හා අපනයන  ( පාලන ) පනත යටතේ නියෝගය පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කරමිනි.

    පහළට වැටුණු අපනයනය යහපාලන රජය යටතේ ඉහළට ගෙන තිබෙනවා.අපනයන රටේ උනන්දු කිරීමට කටයුතු කරනවා. ඉදිරි වසර තුන තුළ ඒකපුද්ගල ආදායම ඩොලර් හයදහස දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. වෙළඳ කලාප තුළින් අපේ අපනයන ඉලක්ක ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ ටයට් නිෂ්පාදනයට උනන්දු කිරීමට ටයර් නිෂ්පාදන සෙස් බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නවා. අමුද්‍රව්‍ය ගෙනැල්ල,අගය එකතු කරල, ආදායම් වැඩි කරන්න බලපොරොත්තු වෙනවා. ලංකාවේ දී නිෂ්පාදනය වැඩි කර, පිටරට ටයර් නිෂ්පාදනය අධෛර්යමත් කර, දේශීය ටයර් නිෂ්පාදනය දිරිගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ආයෝජන ගෙන ඒමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ජනතාවට බරක් නොවන ලෙස කටයුතු කරනවා. ඉදිරි අනාගතයේ දී අපනයන සංවර්ධනයට ක්‍රමවේදයක් සකස් කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.