පළමු පැය තුළදී ඉහළ අලෙවියක් වාර්තා කරමින් Huawei Nova3 අලෙවි වාර්තා පිහිටුවයි

    August, 16, 2018

    ස්මාර්ට්ෆෝන් වෙළදපලේ නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝනය වන Huawei Nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පසුගියදා මෙරටට හඳුන්වා දුන් අතර එහි පළමු අලෙවි දිනය වූයේ පසුගිය අගෝස්තු 11 වන දිනයයි. එදින සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විවිධාංග රැසක් සහ විශේෂ වාසි රැසක් පාරිභෝගිකයා වෙත පිරිනමමින් Huawei nova3 සහ nova 3i කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් අලෙවි කෙරිණ. මෙම අවස්ථාවන් වලදී ජනප්‍රිය ගායන ශිල්පිනී රයිනි චාරුකා හමුවීමටද පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවූයේ Huawei nova3 සහ nova3i පළමු අලෙවි දිනයේ ඇය අලෙවි මධ්‍යස්ථාන රැසක සංචාරය කිරීම නිසාය. මෙම පළමු අලෙවි දිනයේ පළමු පැය තුළ අලෙවි වාර්තා පිහිටුවමින් Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් 2000ක් අලෙවි වී ඇති අතර එය Huawei සමාගම මෙරට සේවා ඇරඹීමෙන් පසු ලැබූ සුවිශේෂිතම ජයග්‍රහණයකි.

    මෙම ජයග්‍රහණය පිලිබඳව අදහස් දැක්වූ Huawei ස්මාර්ට්ෆෝන් මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා පෙන්වා දුන්නේ Huawei විසින් නව තාක්ෂණය සහ නවීනත්වය හඳුන්වා දෙන සෑම අවස්ථාවකම ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් ඒ කෙරෙහි වේගයෙන් ආකර්ශනය වන බවයි. Quad AI Camera පහසුකම් සහ සුපිරී කාර්යක්ෂමතාව මෙන්ම ආවේණික නිමාවකින් යුතුව හඳුන්වා දුන් Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සඳහා ද මෙරට පාරිභෝගිකයා ඉක්මන් ප්‍රතිචාර දක්වා ඇතිබව හෙතෙම සඳහන් කළේය.

    දිනෙන් දින වේගයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍ය ඔස්සේ දෛනික ජීවිතයේ විවිධ අංග ඡායාරූපකරණය කිරීමේ ඉහළ ප්‍රවණාතවක් දක්නට ලැඛෙන අතර මෙම තත්වය මැනවින් හඳුනාගනිමින් එම අවශ්‍යතා ඉටුකරගැනීමට උසස් තත්වයේ ඡායාරූප ලබාගැනීම සඳහාම සැකසූ තාක්ෂණයකින් යුතු Quad AI Camera පහසුකම මෙම Huawei nova3 කාණ්ඩයේ ඇති සුවිශේෂිතාවකි. මේ යටතේ ආවේණික වූ ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත මෙම Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් පාරිභෝගික අවශ්‍යතාව පරිදි ඉතා සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ පහසුකම ලබාදෙයි. 24MP ඉදිරිපස කැමරාව මගින් සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ගැනීමේ පහසුකම පමණක් නොව AI Selfie Scenery Recognition ආදී සුවිශේෂතා වලින් ද යුක්ත වෙයි. මෙහිදී ඡායාරූපයට ගැලපෙන ආකාරයට පසුතලය සකසා ගැනීම සුපිරි AI තාක්ෂනය යටතේ ස්වයංක්‍රියවම සිදුවීම විශේෂත්වයකි.

    මෙම Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් වල ඇති අනිකුත් සුවිශේෂතා අතර AI Beauty Algorithm, AI HDR Pro, Light Fusion technology සහ 3D Portrait Lighting ආදී විශේෂතා මගින් සෙල්ෆි ඡායාරූප ලබාගැනීම නව මානයක් වෙත යොමු කර තිබේ. තවද මෙම දුරකථනය 3D Qmoji විශේෂාංගයෙන් සමන්විත අතර එය මුහුණේ ඉරියව් වලට අනුව වෙනස් වන ඇනිමේෂන් වලින් යුක්ත වන අතර ඒවා යොදාගනිමින් ඡායාරූප සහ වීඩියෝ සැකසීටමත් ඒවා ඉතා පහසුවෙන් මිතුරන් අතර ඛෙදා හැරීමටද හැකියාව ඇත. මෙම විශේෂාංග ඔස්සේ Huawei පාරිභෝගිකයින්ට දිනෙන් දින රැස්වන සිය මතකයන් සිහිවටන බවට පත්කරගැනීමට අවස්ථාව හිමිවන අතර එමගින් සිය පෞරුෂත්වය විදහා දැක්වීමටද අවස්ථාව සැලසෙයි.

    AI algorithm තාක්ෂණය ඡායාරූප මිලියන 100ක් පමණ අධ්‍යයනය කරමින් එකිනෙකට වෙනස් දර්ශන මැනවින් හඳුනාගනිමින් ඊට සරිලන ආකාරයේ දර්ශණීය ඡායාරූපයක් ලබාගැනීමට උපකාරී වෙයි. එමෙන්ම Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් වල ඇති පසුපස කැමරාව විවිධ අංශ 22ක් යටතේ වර්ග කළ දර්ශන 500 කින් පමණ යුක්ත වන අතර අවශ්‍යතාවය ගැලපෙන දර්ශනය ක්ෂණිකව ස්වයංක්‍රියව තෝරා දීම සිදුකරයි. මෙහි ඇති ඉතා බලසම්පන්න පසුපස කැමරා මගින් සෑම අවස්ථාවකදීම පරිපූර්ණ ඡායාරූප ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයා දෙයි. 24-16MP ද්විත්ව කැමරා පද්ධතියකින් Nova3 ස්මාර්ට්ෆෝනය සමන්විත වන අතර Nova3i ස්මාර්ට්ෆෝනය 24MP කැමරාවකින් මෙන්ම 2MP කැමරාවකින් යුක්ත වෙයි.

    පෙනුම අතින් ගත් කළ Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් මනරම් ආකර්ශනීය නිමාවකින් යුක්තව වෙළඳපළට එයි. 6'.3” Full View display එකක් සහිත මෙම ස්මාර්ට්ෆෝනය තිරය එහි බඳට ශක්තිමත්ව සවිවන ආකාරයට නිමවා තිබේ. ආකර්ශනීය වර්ණ කිහිපයකින්ම වෙළඳ පලට හඳුන්වා දී ඇති මෙම ස්මාර්ට්ෆෝනයෙහි Iris Purple වර්ණය නැවුම් පෙනුමක් ලබාදෙයි. නිල් සහ දම් ආදී වර්ණ මිශ්‍ර කිරීමෙන් නිර්මාණය වන Iris Purple වර්ණය මෙම ස්මාර්ට්ෆෝනයට මනරම් පෙනුමක් එක් කරයි. සමතල මතුපිටක මෙම ස්මාර්ට්ෆෝනය තැබූ විට සහ චලනය කිරීමේදී පැහැය වෙනස් වන ආකාරයට මෙහි නිමාව සකසා ඇති අතර මෙම වර්ණ වෙනස් වීම මෙහි ඇති තවත් විශේෂතාවකි. මෙය Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සඳහා ආවේනික විශේෂත්වයක්ද වෙයි.මෙම දම් පැහැය සඳහා තරුණ තරුණියන් අතර අධි ඉල්ලුමක් ඇතිව තිඛෙන බව මේ වනවිට තහවුරු වී තිබේ.

    පෙනුම අතින් වෙළඳපලෙහි ඇති අනිකුත් ස්මාර්ට්ෆෝන් වලට වඩා මෙම Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් වෙනස් වනවා සේම දෘඩාංග අතින්ද සුවිශේෂි වෙනස්කම් රැසකින් යුක්ත වෙයි. Kirin ප්‍රොසෙසරය නිසා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයෙන් යුක්ත මෙම ස්මාර්ට්ෆෝනය 128GB ROM මතක ධාරිතාවකින්ද යුක්ත වන නිසා වීඩියෝ සහ ඡායාරූප විශාල ප්‍රමාණයක් කාලයක් තිස්සේ ගබඩාකර තබාගත හැකි වෙයි.

    Huawei nova3 කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් හඳුන්වා දී දින කිහිපයක් තුළ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගැනීමට සමත්ව තිබේ. සුපිරි අත්දැකීමක් බවට පත්ව ඇති මෙම ස්මාර්ට්ෆෝනය මනරම් නිමාවකින් යුක්ත වීම අතර පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට අලෙවි කිරීම යනාදී හේතු නිසා මේ සඳහා අධික ඉල්ලුමක් ඇති ව ඇති අතර මෙය පාරිභෝගික ජනතාව අපේක්ෂාවෙන් සිටි ආකාරයේ ස්මාර්ට්ෆෝනයකි.