October, 26, 2018
ශ්‍රී ලංකාවේ මධ්‍යම, උතුරු මැද, සබරගමුව, හා ඌව පළාත් වල රෝහල් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඇ.ඩො.මි. 50 ක මූල්‍ය ආධාර ලැබී ඇත.
මේ සඳහා වන ගිවිසුම් දෙකකට අද දින (26) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. ණය සහ ප්‍රදාන වශයෙන් පිළිවෙලින් ඇ.ඩො.මිලියන 37.5 ක් සහ ඇ..ඩො.මිලියන 12.5 ක් ලබාගැනීම සදහා වන මෙම ගිවිසුම් වලට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික නියෝජිත ශ්‍රි විදෝවතී මහත්මිය අත්සන් ලැබූහ.
සෞඛ්‍යය සේවා සංවර්ධනය සදහා වූ ජාතික ක්‍රමෝපායික රාමුව (2016-2025) සමග අනුගත වෙමින් ප්‍රාථමික සෞඛ්‍යය පහසුකම් පද්ධතියේ කාර්යක්ෂමතාව, සමානාත්මතාවය ඉහල නැංවීම සදහා මෙම ගිවිසුමට එළඹ තිබේ.

යෝජිත සෞඛ්‍යය පද්ධතීන් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ඌව, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද යන භුගෝලීය වශයෙන්, සමාජීය සහ ආර්ථික වශයෙන් අවාසි සහගත තත්වයෙන් ජීවත්වන ජනගහනයකින් යුත් පළාත් 04 ක ක්‍රියාත්මක වේ. යෝජිත ව්‍යාපෘතියෙහි ආසියානු සංවර්ධන බැංකුවෙහි මූල්‍යනය ඇ.ඩො.මිලියන 12.5 ක ප්‍රදානයකින් සහ ඇ..ඩො.මිලියන 37.5 ක සහනදායී ණය මුදලකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතියේ සමස්ථ ආයෝජනය ඇ.ඩො.මිලියන 60 ක් වන අතර එහි ශ්‍රි ලංකා රජයේ දායකත්වය ඇ..ඩො.මිලියන 10 ක් වේ.
යෝජිත ව්‍යාපෘතියේ අරමුණු අනුව ඉහත පළාත්වල දිස්ත්‍රික් රෝහල්වල පිහිටා ඇති ප්‍රාථමික වෛද්‍ය ඒකක සහ ඒවායේ පහසුකම් පුනරුත්තාපනය කිරීම, අධීක්ෂණ සහ පිටස්තර සේවා සදහා වෛද්‍ය නිලධාරීන් සදහා වාහන මිලදී ගැනීම සහ ප්‍රාථමික සෞඛ්‍යය සේවාව භාවිත කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම ඔස්සේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අයත් වේ. එමෙන්ම, පළාත්වල ප්‍රාථමික සෞඛ්‍යය සේවා වැඩිදියුණු කිරීම, වෛද්‍ය තොරතුරු ශක්තිමත් කිරීම සහ අන්තර්ජාතික සෞඛ්‍යය රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තුලින් සෞඛ්‍යය හා රෝග පාලනයන් ශක්තිමත් කිරීම, ධාරිතාව ගොඩනැංවීම සහ ව්‍යාපෘති කළමණාකරන සහාය ලබාදීමද ඇතුළත් වේ.
Video Story