ප්‍රංශ ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් Raid Amazones 2023 නුවර දී ඇරඹෙයි

    March, 24, 2023

    ප්‍රංශ ක්‍රීඩිකාවන් 250 දෙනෙකු තරගවදින Raid Amazones 2023' ත්‍රාසජනක තරගාවලිය මහනුවර දී ඊයේ (22) ආරම්භවිය . එහි දෙවනි දිනය වූ  අද (23)  ක්‍රීඩිකාවන් වික්ටෝරියා ජලාශයේ ඔරුපැදීමේ තරගය සදහා එක්ව වූහ.

    Raid Amazones යනු ලොව එකම සංචාරක කාන්තා ත්‍රාසජනක  තරඟාවලිය  වන අතර ශ්‍රීලංකන් ගුවන් සේවය එහි නිල ගුවන් සේවා  හවුල්කරුවා ලෙස කටයුතු කරයි.

    තරගයේ ආරම්භක දිනය වූ ඊයේ දිනයේ මෙම ප්‍රංශ ක්‍රීඩිකාවන්  හන්තානේ සිට ගලහ  දක්වා කිලෝමීටර් 11 ක් පමණ දුරක ධාවන තරගයකට සහභාගි විය. මාර්තු මස 28 වෙනි දින දක්වා මෙම ක්‍රීඩිකාවන් බයිසිකල් පැදීම, දිවීම ඇතුලු විවිද තරග ඉසව් සදහා එක්වීමට නියමිතයි.