ප්‍රතිපත්ති චේතනා රහසිගතව තබා ගැනීමට ඉඩ සලසන IMF හි විනිවිදභාවය නැති ප්‍රතිපත්තියට සජබ එකඟ නැහැ – ඉරාන්

    March, 23, 2023

    අර්බුදය ඇති කළ අය දැන් විසඳුම් යෝජනා කිරීම ගැන සතුටුයි

    “මේ රටේ ආර්ථික අර්බුදය ඇතිකරපු අය දැන් ඒවාට විසඳුම් ඉදිරිපත් කරන අතර කරන්න ඉඩ නොදුන් කණ්ඩායම දැන් ඒවා කරන්න එකඟ වී රට එක් දිශාවකට තල්ලුකර ගෙන යෑමට සූදානම් වීම ගැන අපි සතුටට පත්වෙනවා“ යැයි සමගි ජන බලවේගයේ ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    “ගෙයක් සෑදීම සඳහා ණයක් ලබාගත් පුද්ගලයෙක් එය ගෙවා ගන්න බැරුව බැංකුව සමඟ සාකච්ඡා කර ණය ප්‍රතිසංස්කරණය කරගෙන ආපසු ගෙවීම සඳහා තවත් ණයක් ලබා ගත් විට එය සතුට යැයි සමරන්න රතිඤ්ඤා දල්වා කිරිබත් කනවා වගේ වැඩක් තමයි අද රජයේ පාර් ශ්වයේ සිදුවෙමින් පවතින්නේ“ යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් ඊයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ විවාදය අමතමින් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ ද කීය.

    “විපක්ෂය බලයේ සිටි අවස්ථාවේදී ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කළ නමුදු මේ රජයේ ගනුදෙනු සම්බන්ධයෙන් ගැටලු තිබෙනවා. මුලින්ම අයි.එම්.එෆ්. සංවිධානයේ විනිවිදභාවය පිළිබඳ ප්රතිපත්තිය සමඟ ස.ජ.බ යට එකඟ විය නොහැකියි“ යැයි හෙතම අවධාරණය කළේය. මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය දීමේදී අනුගමනය කළ කොන්දේසි දිහා බලන විට ලංකා රජයේ පමණක් නොව මූල්‍ය ආයතනයේ විනිවිශභාවය පිළිබඳව ප්‍රශ්න මතුවෙනවා යැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවට විස්තීරණ මූල්ය ණය පහසුකම් සපයන වාර් තාවේ පළමු පිටුවේ සඳහන් වෙනවා වෙළඳපල සංවේදී තොරතුරු මකා දැමිය යුතු අතර ප්රකාශිත කාර්ය මණ්ඩල වාර්තාවල සහ වෙනත් ලියකියවිලි ඇති  හෙළිදරව් කිරීම, බලධාරීන්ගේ ප්රතිපත්ති අභිප්රායන් ලබා නොදීමට ජාත්යන්තර මූල්ය අරමුදලේ විනිවිද භාවය ප්රතිපත්තිය මඟින් ඉඩ ලැබෙන බවයි. සංවේදී තොරතුරු ලබා නොදීම පිළිගත හකි වූවද ඔවුන් බලධාරීන්ගේ ප්‍රතිපත්ති අභිප්‍රාය හෙළි නොකළ යුතුයි කියන කරුණ කිසිසේත් පිළිගත නොහැකියැයි කී වික්‍රමරත්න මහතා ඔවුන්ගේ විනිවිදභාවය පිළිබඳ ප්‍රතිපත්ති ගැන මූල්‍ය ආයතනය නැවත සලකා බැලිය යුතු යැයි අවධාරණය කළේය.

    අයි එම්. එෆ් වෙත පොරොන්දු විය යුතු හා පිළිපැදිය යුතු ප්‍රතිපත්ති පිළිබඳව පූර් ව අනාවරණයක් නොකළ යුතුයි කියන විනිවිදභාවයෙන් තොර ක්‍රමවේදයට ස.ජ.බ එකඟ වන්නේ නැත.ප්‍රතිපත්ති අනාවරනයක් තිබිය යුතුයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ට හෝ එම ප්‍රතිපත්ති ගැන අනාවරණය කළ නොහැකි නම් අඩුම තරමින් පාර් ලිමේන්තුවේ මූල්‍ය කමිටු සාමාජිකයන් හට සංවෘත ව ප්‍රතිපත්ති පිළිබඳව රජය අනාවරණය කළ යුතු යැයි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

    ජාත්‍යන්තර තලයේ ප්‍රවනතාවක් තියෙනවා අනිත් අය හැම වෙලාවෙම ඇවිත් අපිට අපේ හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය ගැන කියලා දෙනවා. අඩුම තරමේ හෙළිදරව් කිරීමේ ප්‍රතිපත්තිය ගැන විවාදයක්වත් තියෙන්න තිබුණා. අපි ඒක දකින්නේ ජනාධිපතිතුමා මූල්‍ය ආයතනය සමඟ එකඟතාවකට පැමිණි පසු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පසුවයි.

    පසුගිය රජයේ 2016-2019 කාලයේ මූල්ය ආයතනයේ විස්තීරණ මූල්ය පහසුකම්  වැඩසටහන යටතේ ප්රගතියක් ලබා ඇති බව වාර් තාවෙන් පිළි අරගෙන තිබෙනවා. 2017 නියඟය 2018 දේශපාලන අර්බුදය සහ 2019 ත්රස්තවාදී ප්‍රහාර  කාලපරිච්ඡේදය තුළ ශ්රී ලංකාවේ අවදානම් සැලකිය යුතු කම්පන මගින් උග්ර වූවද විස්තීරන මූල්‍ය පහසුක යටතේ වැඩසටහන් සාර්ථක බව වාර්තාව කියයි.

    “ආදායම් බද්ද සහ එකතු කළ අගය මත බද්ද (වැට්) දැඩි ලෙස  2019 අග භාගයේ අඩු කළ නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2 ඉක්මවන ඇස්තමේන්තු ගත ආදායමක් රටට අහිමි විය. අපේ රජයේ කාලයේ හඳුන්වා දෙන ලද  ස්වයංක්රීය ඉන්ධන මිල සූත්රය අත්හිටුවන ලද අතර, මහ බැංකුව ස්වාධීන කිරීම  සඳහා ව්යවස්ථාදායකයට ගෙන ආ ප්රතිසංස්කරණ නීති අත්හිටුවන ලදී. 2019 දක්වා හරි මගක ගමන් කළ රට මේ අය ඇවිත් 2019 න් පසුව රට විනාශ කළ බවයි මූල්ය ආයතන වාර්තාවෙන් පෙන්වාදෙන්නේ“ යැයි වික්‍රමරත්න මහතා කීය.

    “මේ රටේ ආර් ථික අර් බුදය ඇති කළේ රජයේ පාර් ශ්වයේ ඉන්න මේ කණ්ඩායමයි, මේ කණ්ඩායම ඒකට වගකිවයුතුයි, දැන් ඒ ප්‍රශ්ණයෙන් රට ගලවන්න හදන්නේ ඒ නිසයි, එහෙත් රජයට ඒ සඳහා සැබෑ අවශ්‍යතාවයක් තිබිය යුතුයි“ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.