ප්‍රභාෂ් සුභසිංහ EDB මුල් පුටුවට

    December, 19, 2019

    මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු, ව්‍යවසායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ලෙසින් පත් කර තිබේ.

    ඔහු ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ. එසේම ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වේ.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්‍රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා ද වේ.