ප්‍රමිතියට නැති වාහන ගෙන්වුවොත් ආනයනකරුගේ වියදමින් නැවත යැවිය යුතුයි

    July, 17, 2018

    ආසන පටි, Air Bags, ABS අනිවාර්යයි

    2018 ජූලි 13 වන දින නිකුත් කරන ලද අංක 2079/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලූම මෝටර් වාහන සම්බන්ධයෙන් වායු විමෝචන ප්‍රමිතීන් හා ආරක්ෂණ මිනුම් අනිවාර්යය කර තිබේ.

    මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් පරිදි අදාළ ප්‍රමිතීන්වලට අනුකූල නොවන්නා වූ ආනයනික මෝටර් වාහන, ඒවායේ ආනයනකරුවන්ගේ වියදමින් ප්‍රතිඅපනයනය කළ යුතු බවට ණයවර ලිපියේ කොන්දේසියක් ඇතුළත් කළ යුතු බවට වැඩිදුරටත් සඳහන් වේ.

    පහත දැක්වෙන්නේ අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයයි.