ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් නැවතත් ශ්‍රී ලංකාවේ වටිනාම පාරිභෝගික සන්නාම අතරට

    September, 4, 2023

    ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් නැවත වරක් ‘ශ්‍රී ලංකාවේ  වටිනාම පාරිභෝගික සන්නාම’ ලැයිස්තුවට ඇතුළත් වීමට සමත් වී ඇත. LMD සඟරාවේ සුප්‍රකට සන්නාම තක්සේරුකරණ සමාගමක් වන Brand Finance සමඟ එක් වී මෙම ලැයිස්තුව වාර්ෂිකව ප්‍රකාශයට පත්කරයි.

    ඒ අනුව, ‘The Brand Finance: LMD 2023 Annual Review of Sri Lanka’s 100 Most Valuable Brands’ ලැයිස්තුවේ 60 වන ස්ථානය ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් වෙත හිමි වී තිබේ. එමෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වටිනාම දේපළ වෙළඳාම් පාරිභෝගික සන්නාමය යන ඇගයුමද ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් වෙත හිමි වූ අතර, එය සමාගමේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සේවාවක් පිරිනමමින් පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගැනීමට සමාගම සමත් වී ඇති බව විදහා දක්වන මනා සාක්ෂියක්ද වේ.

    මෙම 2023 සමීක්ෂණ වර්ෂයට අදාළ තේමාව ‘The Courage to Change’ නමින් එළිදක්වා ඇති අතර, 2022 වර්ෂයේදී එළඹුණු අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට හැඩගැසීම සඳහා මෙරට සන්නාමයන් දැරූ උත්සාහයන් එහි මැනැවින් විස්තර කර ඇත. සුපුරුදු පරිදි අභියෝග සියල්ල ජයගනිමින්, අනාගතයට ගැළපෙන ප්‍රවේශයක් ඔස්සේ සාර්ථක ලෙස ඉදිරියට යාමට ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමත් වී ඇති බව එම වාර්තාව මඟින් ද පැහැදිලි වේ.

    “නැවත වරක් මෙම පිළිගැනීම හිමි වීම අපට මහත් ගෞරවයක්. මෙය අපගේ පාරිභෝගිකයන්ට ඉහළම ගුණාත්මකභාවයකින් යුත් සේවාවක් සැපයීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි.  එමෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ උනන්දුව හා කැපවීම, අපට මෙම ඇගයීම යළිත් හිමිවීමට බලපෑ ප්‍රධානතම සාධකයක් වුණා. ඉදිරියටත් අභියෝගවලට හා පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, නවෝත්පාදනය ඔස්සේ විශිෂ්ටතම සේවාවක් අපගේ පාරිභෝගිකයන් වෙත ලබාදීමටත්, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව ආදර්ශ හා ප්‍රමිතීන් හඳුන්වා දීමටත් අප සූදානම්.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

    Brand Finance සහ LMD එක්ව සිදුකරන මෙම වාර්ෂික සන්නාම තක්සේරුකරණය, ශ්‍රී ලංකාවේ සන්නාමයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ වඩාත්ම පරිපූර්ණ හා විශ්වාසනීය දර්ශකයක් ලෙස සැලකේ. සන්නාමවල ශක්තිය, ආදායම සහ පාරිභෝගික ළැදියාව ඇතුළු සාධක රාශියක් මේ සඳහා සැලකිල්ලට ගනු ලබන අතර, එය ශ්‍රී ලංකාවේ වඩාත්ම බලසම්පන්න සන්නාමයන් හඳුනාගැනීමට මහෝපකාරී වෙයි.

    ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම LMD වෙතින් හිමි වූ ‘වඩාත්ම ගෞරවය දිනූ දේපළ සමාගම’ සහ ‘වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ දේපළ සමාගම’ යන සම්මාන ඇතුළුව සම්මාන රැසකින් මේ දක්වා පිදුම් ලබා තිබේ. එමෙන්ම රැකියාව කිරීමට අතිශයින් සුදුසු ආයතනික පරිසරයක් පවත්වාගෙන යාම වෙනුවෙන් එම සමාගමට වසර 6 ක් පුරා ‘Great Place to Work’ පිළිගැනීමද හිමි විය.

    වසර 27 කට අධික පළපුරුද්දක් හිමි ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම මේ වනවිට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති 45 කට වැඩි ගණනක් සාර්ථක ලෙස අවසන් කර තිබේ. ඉදිරියටත් විශිෂ්ටත්වය හා කැපවීම ඔස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල් කිරීම ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගමේ අරමුණ වී ඇත.