ප්‍රයිම් ෆිනෑන්ස් හි ප්‍රාග්ධනය ශක්තිමත් කරගනිමින් සිය හිමිකම් නිකුතුවට පූර්ණදායකත්වයක් ලබා ගනී

    February, 2, 2021

    ප්‍රයිම් සමූහයේ  මූල්‍ය සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී විසින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී දියත් කළ සිය හිමිකම් නිකුතුව තුළින් රුපියල් මිලියන 526.68ක් ලබා ගනිමින් සිය ප්‍රාග්ධන හැකියාවන් වර්ධනය කර ගත් බව නිවේදනය කර සිටී.

    ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කළ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයින් සඳහා පුද්ගල සහ ව්‍යාපාර මූල්‍ය පහසුකම් ක්‍රියාත්මක කරනු ලබයි. මීට අමතරව ස්ථාවර තැන්පතු, ඉතිරි කිරීමේ ගිණුම්, ලීසිං, මෝටර් රථ ණය, උකස් ණය සහ ඉඩම් සහ දේපොළ සංවර්ධන සේවා ලබා දෙයි.

    ජාත්‍යන්තර මූඩිස්  (Moody’s) ආයෝජන සේවා සමූහයට අනුබද්ධිත ICRA Limited හි ICRA Lanka Limited  මගින් ප්‍රයිම් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම සඳහා [SL] BBB- යන ස්ථාවර ණය ශ්‍රේණිය ලබා දී ඇත.

    2018 වර්ෂයේ හ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපල සංවර්ධන සමාගම ලෙස ‘ප්‍රොපටි ගුරු ඒෂියා’ සම්මානය හිමිකර ගත් මෙරට නිවාස සහ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ අනුබද්ධිත සමාගමක් ලෙස ප්‍රයිම් ෆිනෑන්ස් ක්‍රියාත්මක වේ.

    ප්‍රයිම් ෆිනෑන්ස් විසින් දියත් කළ මෙම හිමිකම් නිකුතුව හරහා මිලියන 41.8ක ක නව සාමාන්‍ය කොටස් නිකුත් කළ අතර මෙහිදී සෑම  සාමාන්‍ය කොටස් 36කටම නව  සාමාන්‍ය කොටස් 19ක් රුපියල් 12.60 බැගින් නිකුත් කළ අතර මෙමගින් රුපියල් මිලියන 526.68ක ප්‍රාග්ධනයක් අත්පත් කර ගන්නා ලදි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන් පරිදි මූලික ප්‍රාග්ධන අවශ්‍යතා ශක්තිමත් කිරීමටත් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නියම කර ඇති අවම මහජන කොටස් හිමිකාරීත්වය සපුරාලීම සඳහාත් සමාගම විසින් මෙම හිමිකම් නිකුතුව දියත් කරන ලදි.

    ප්‍රයිම් ෆිනෑන්ස් විසින් දියත් කළ මෙම හිමිකම් නිකුතුව අවසානයේදී සමාගමේ මූලික ප්‍රාග්ධන සංචිතය රුපියල් බිලියන 2.1ක් දක්වා වර්ධනය වූ අතර මෙම අගය නියම කර ඇති ප්‍රාග්ධන අවශ්‍යතාවට වඩා ඉතා ඉහල අගයක් ගනී. මේ අතර අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතාව 11.86%  ක් දක්වා වර්ධනය වී ඇත.

    මෙම ප්‍රාග්ධන සම්පාදනය සමග ප්‍රයිම් ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ මෑතකදී නිකුත් කල 2020 අංක 1 දරණ මාර්ගෝපදේශනයට අනුකුලව මනා ප්‍රාග්ධනීකරණය වූ  බලපත්‍රලාභී  මූදල්  සමාගමක් බවට පත් ව සිටී.