November, 10, 2021
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත ප්රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා අනුමත කර ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව 21,059 ක් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
එමෙන්ම 2019.01.01 දිනය වන විට රාජ්‍ය සේවය තුළ සේවයේ යෙදී සිටි මුළු වෛද්‍යවරුන් සංඛ්‍යාව 19,720 ක් බවත්, සෑම වර්ෂයකදීම වෛද්‍ය නිලධාරීන් 1,300 ක් රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන බවකත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ඉදිරියේ දී ඇතිවන අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය වෙනස්විය හැකි බවයි.
“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂං සභාව 2020/21 අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාවේදී සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය ආරම්භ කිරීමට මූලික පියවර අරගෙන තියෙනවා. එම අධ්‍යයන වර්ෂය සඳහා සමස්ත ලෙස වෛද්‍ය සිසුන් 1,864 ක් බඳවා ගන්න යෝජනා වෙලා තියෙනවා. කොළඹට 214 ක්, ජපුරට 184 ක්, කැලණියට 189 ක්, පේරාදෙණියට 225 ක්, මොරටුවට 90 ක්, යාපනයට 174 ක්, රුහුණට 250 ක්, නැගෙනහිරට 104 ක්, රජරට ට 200 ක්, වයඹට 135 ක් සහ සබරගමුවට 99 ක් හැටියට“, යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Video Story