ප්‍රාග්ධන ලාභ බද්දෙන් කොටස් වෙළෙඳපොළ නිදහස්

    November, 7, 2016

    2017 වසරේ දී අයවැය හිඟය දළ ජාතික ආදායමෙන් දැනට පවතින 5.4% සිට 4.7% මට්ටම දක්වා අඩු කර ගැනීමට සැලසුම් කර ඇති බවත්, ඒ වෙනුවෙන් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට ඇති නව මාර්ග ක්‍රියාවට නංවන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා පැවති හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කර සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ඉඩම් හා දේපළ වෙළෙඳාම් හරහා බොහෝ පුද්ගලයින් අති විශාල ලාභ උපයන බවත් එහිදී එම ප්‍රාග්ධන ලාභයෙන් කොටසක් රාජ්‍ය ආදායමට දායක කර ගැනීමට පියවර ගන්නා බවත්ය.

    මේ අනුව ඉදිරි අයවැයේ දී ඉඩම්, දේපළ ආදී ගනුදෙනු වෙත ප්‍රාග්ධන ලාභ බදු හඳුන්වා දෙනු ලබන බවට පැවසු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කෙරෙහි බල නොපාන බවත්ය.