ප්‍රීමා ශ්‍රී ලංකා සමාගම තිරිඟු පිටි මිල ඉහළ නැංවීම ඉවත් කර ගනී

    November, 22, 2019

    අභිනවයෙන් තේරී පත් වූ අතිගරු ජනාධිපතිතුමන් දැවැන්ත අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ඉටුකරන ඉමහත් කාර්යභාරයට ශක්තියක් වෙමින්, මෑතකදී ඉහළ දැමූ තිරිඟු පිටි මිල ඉවත් කර ගන්නා බවත් ඒ පිළිබඳ ඉදිරියේදී නව රජය සමග සාකච්ඡා කරන බවත් ප්‍රීමා ලංකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    මේ අනුව මිල සංශෝධනය සම්බන්ධව සියලු බේකරි හිමියන් සහ වෙළඳසැල් දැනුවත් කර ඇති බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.