පාකිස්තාන මූල්‍ය සමාගමක පූර්ණ අයිතිය LOLC යටතට

    October, 22, 2021

    පාකිස්තානයේ ක්‍රියාත්මක මූල්‍ය සමාගමක් වන Pak Oman Microfinance Bank Limited හි LOLC Asia Private Limited සතු කොටස් හිමිකාරීත්වය 100% ක් දක්වා ඉහළ නංවා ගැනීමට එරට නියාමන අධිකාරියේ සහ පාකිස්තාන රාජ්‍ය බැංකුවේ අනුමැතිය අනුමැතිය හිමිව තිබේ.
    2017 වසරේ දී LOLC Asia Private Limited විසින් Pak Oman Microfinance Bank Limited හි 50.1% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගනු ලැබූ අතර ඉතිරි 49.9% ක කොටස් ප්‍රමාණය අත්පත් කර ගැනීමට සඳහා මේ අනුව අනුමැතිය හිමිව ඇත. ඒ සඳහා නියම කර ඇති මුදල ඩොලර් මිලියන 7 කි. 
    වර්තමානයේ දී පාකිස්තානය පුරාවට ශාඛා 71 ක් Pak Oman Microfinance Bank Limited සතුව ඇත. 
    LOLC Asia Private Limited යනු මෙරට ලැයිස්තුගත දෙවන විශාලතම සමාගම වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධිත සමාගමකි.
    LOLC සමූහය විසින් මේ වන විට සිය ව්‍යාපාර ජාලය ආසියාව තුළ ශ්‍රී ලංකාව, කාම්බෝජය, මියන්මාරය, පාකිස්තානය, ඉන්දුනීසියාව හා පිලිපීනය පුරා ද, අප්‍රිකාව තුළ නයිජීරියාව, සැම්බියාව, ටැන්සානියාව හා මලාවි දක්වා ද, මධ්‍යම ආසියව තුළ ටජිකිස්තානය දක්වා ද ව්‍යාප්ක කර තිබේ.