June, 13, 2023
පාන් විකිණිම නියාමනය කිරීමට සහ විකිණීමට ඉදිරිපත් කරනු ලබන පාන්වලට නරක් වූ පිටි මිශ්‍ර කිරීම වැළැක්වීමට හැකි වන විධිවිධාන ඇතුළත් කරමින් 1864 අංක 13 දරන පාන් ආඥාපනත පනවනු ලැබ ඇත.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ දී එම ආඥාපනතේ ඇතැම් විධිවිධාන සමඟ ගැටලු පැන නැගෙන අවස්ථාවන් ඇති බැවින් එකී ආඥාපනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවන් නොමැති බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව, එම ආඥාපනත අවලංගු කිරීම පිණිස ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෛටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story