මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම, වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා 2017 වර්ෂයේ මේ වන විට වැටලීම් 866 ක් සිදු කර පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් 777 දෙනෙකුට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නඩු පැවරීම් සිදු කර ඇත. මෙතෙක් නඩු පැවරීම් නොකළ 89 දෙනාට ඉදිරියේ දී නඩු පැවරීම් සිදු කිරීමට නියමිත ය.
මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කලාප සහකාර අධ්‍යක්ෂ එස්. නන්දසිරි මහතා සහ දිස්ත්‍රික් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී පී.ආර්.කේ.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් මෙම වැටලීම් සිදු කර තිබේ.









































































































































