පාස්කු ඉරිදා ප්‍රහාරවලින් රටවල් 14 ක විදේශිකයින් 42 ක් මියයයි

    April, 30, 2019

    පසුගිය අප්‍රේල් 21 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය විදේශිකයින් ගණන 42 ක් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටී. ඒ පහත පරිදිය.

    බංග්ලාදේශ‍ය - 1

    චීනය - 4

    ඉන්දියාව - 11

    ඩෙන්මාර්කය - 3

    ජපානය - 1

    නෙදර්ලන්තය - 1

    පෘතුගාලය 1

    සෞදි අරාබිය - 2

    ස්පාඤ්ඤය - 2

    ස්විස්ටර්ලන්තය - 1

    තුර්කිය - 2

    එක්සත් රාජධානිය - 6

    ඇමරිකා එක්සත් ජනපදය - 1

    මීට අමතරව පහත සඳහන් පරිදි ද්විත්ව පුරවැසිලාභීන් සය දෙනෙකුද මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

    එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය - 2

    ස්විස් හා ඕලන්ද - 1

    ඕලන්ද හා ශ්‍රී ලංකා - 1

    ඕස්ට්‍රේලියානු හා ශ්‍රී ලංකා - 2

    මේ අතර මියගිය විදේශිකයින් 25 දෙදෙනෙකුගේ දේහයන් ඔවුන්ගේ රටවලට යවා ඇති බවත් ප්‍රහාරයන්ට ලක්වූ විදේශිකයින් 12 දෙනෙකුගේ තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැති බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. බොහෝ විට මෙම තොරතුරු අනාවරණය නොවූ විදේශිකයින්ගේ සිරුරු, කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට අනුව හඳුනා නොගත් දේහයන් අතර විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

    තුවාල ලැබූ විදේශිකයින් 5 දෙනෙකු කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ සහ කොළඹ පුද්ගලික රෝහල්වල මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටී.

    ආපදාවට පත් විදෙස් ජාතිකයින් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා ඔවුන්ගේ පවුල්වලට සහාය වීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් +94 112323015 ක්ෂණික දුරකථන ඇමතුම් අංකට හඳුන්වා දී ඇත.

    ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි මෙම තොරතුරු, ඊයේ (2019 අප්‍රේල් 29) සවස 5.00 වන විට යාවත්කාලීන කරන ලද ඒවා වේ.